කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටි කන්දසාමි කෝවිල ඉදිරිපිට මීට වසරකට පෙර යුද්ධය පැවති සමයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කර සිටියේ අතුරුදන් වූ සිය දරු මුණුබුරන් සොයා දෙන ලෙසටත් ඔවුන් වෙනුවෙන් විශ්වාසවන්ත පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.
අදාළ සත්‍යග්‍රහය අතරතුර රටේ නායකයාගේ සිට සියලුම බලධාරීන් හමු වී විවිධ මට්ටමේ සාකච්ඡා පැවැත්වුවද මෙතෙක් තමන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබුනු බවට සත්‍යග්‍රහයේ නිරත වූවෝ කියා සිටියහ.
කිලිනොච්චියේ ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට වසරක් ගෙවීම නිමිත්තෙන් එයට සහය ලබා දීමක් වශයෙන් කිලිනොච්චියේ විවිධ ස්වේච්ඡා සංවිධාන හා පුරවැසි කමිටු සාමාජිකයන් මේ දිනවල සත්‍යග්‍රහය ඉදිරිපිට හිඳමින් විරෝධය පළ කරමින් කියා සිටින්නේ වසරක් ගෙවුනු සත්‍යග්‍රහයකට විසඳුමක් ලබා දිය නොහැකි රජයක් පිළිබඳව කිසිසේත් විශ්වාසයක් තැබිය නොහැකි බවය.
රොමේෂ් මධුෂංඛ - වන්නි
0 comments :
Post a Comment