දෙවන ටෙස්ට් එකේදී කිසිවෙකු නොසිතූ ලෙස ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් වෙයි



බංග්ලාදේශය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මීර්පුර්හිදී දැන් පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම අවසන් වුයේ සියලුදෙනා දැවී ලකුණු 222කටයි.
අද පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් දක්ෂතාවක් දැක්වීමට
හැකියාවක් ලැබුනේ නැහැ‍ෙ

පළමු ටෙස්ට් තරගයේදී ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස් හෝ ධනංජය සිල්වාට අද වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවීම විශේෂත්වයක්
අද තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
කුසල් මෙන්ඩිස් 68 යි. ධනංජය ද සිල්වා ලකුණු 19 ක් සහ අකිල ධනංජය ලකුණු 20 ක් රැස් කලා.
දිල්රුවන් පෙරේරා 31 යි.
සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ රොශේන් සිල්වා අවසන් කඩුල්ල ලෙසට දැවී ගියේ ලකුණු 56 ක් ලබා සිටියදීයි.
පන්දු යැවීමේදී අබ්දුල් රසාක් සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 4 බැගින් සහ මුශ්ෆිකර් රහීම් කඩුලු 2 ක් බිඳහෙලුවා.
කෙසේ වෙතත් බංග්ලාදේශ දෙවන ඉනිමද සාර්ථක වූයේ නැත දිනය අවසාන වනවිට ලකුණු 54 කට ඔවුන් කඩුළු 4 ක් බිඳවැටී තිබුණි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment