මේ ඡන්දෙදි ජනතාව කිව්වේ ‘වෙච්ච පොරොන්දු ඉටුකරපිය‘ කියලා - පුරවැසි බලය

මැතිවරණ ප්‍රතිඵලවලින් ජනතාව සිදුකර ඇත්තේ පොරොන්දු ඉටුකිරීමට යහපාලන රජයට බලකිරීම පමණක් බැවින් පවතින රජය නිලාකාලය අවසන් වන තෙක් පවත්වාගෙන යා යුතු බව පුරවැසි බලය සංවිධානය
අවධාරණය කරයි.

යහපාලන රජය බලයට පත්කිරීමේදී හොරු ඇල්ලීම, වංචා දූෂණ නැවැත්වීම, යහපාලනය ස්ථාපිත කිරීම ඇතුළු විශාල කරුණු ගණනාවක් ජනතාව බලාපොරොත්තු වූ නමුත් ඒවා නිසි කලට ඉටුකිරීමට රජය අපොහොසත් වු බව පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි. දැන් කළ යුත්තේ පවලට බෙදී කුලකාගැනීම වෙනුවට යහපාලන පොරොන්දු කඩිනමින් ඉටුකොට මහජන මතය රජය දෙසට හරවාගැනීම බවත් පෙම්වා දෙන පුරවැසි බලය සංවිධානය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මත බලය හුවමාරු කිරීම දෙදහස් අට ජනතා මතය අවතක්සේරු කිරීමක් බව පෙන්වා දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment