වන අලි අපාරාධ සම්බන්ධ රහස් හඬ පටයක් CID භාරයට!

වන අලි අපාරාධ සම්බන්ධ රහස් හඬ පටයක් CID භාරයට!

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පූජ්‍ය වෑකඳවල රාහුල ස්වාමින් වහන්සේ පැවසුවේ එම හඬ පට පිළිබඳ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කර ගත යුතු හෙයින් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බවයි. පසුගිය කාලය පුරා අලි - ඇතුන් විශාල වශයෙන් ඝාතනය වූ හෙයින් එම හඬ පට මඟින් එම ඝාතන පිළිබඳ කරුණු අනාවරණ කර ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇතැයි උන්වහන්සේ විශ්වාසය පළකළහ.

මේ වන විටත් වසරකට අලි - ඇතුන් වැඩිවශයෙන් මියැදෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව තුළ  දින තුනකට අලි දෙදෙනෙකු බැගින් මිය යයි. ඒ අනුව වසරකට ශ්‍රී ලංකාවේ පමණක් අලි - ඇතුන් 200ක් පමණ මිය යන බව පූජ්‍ය වෑකඳවල රාහුල හිමියෝ පවසති. ඉන් බහුතරයක් ඝාතන ලෙස සැලකෙන අතර මෙය පරිසරයට කරන විශාල බලපෑමක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. වන ගහණය සිඝ්‍රයෙන් පහළ යමින් තිබීම අලි- මිනිස් ගැටුම උත්සන්න වීමට හේතුව ලෙස සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි. 80 දශකය වන විට 80%ක්ව පැවති මෙරට වන ගහණය මේ වන විට 16%ක් දක්වා අඩු වී ඇති බව සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය අනාවරණ කරයි. 2008 වසරේදී අලි කළමණාකරන ජාතික ප්‍රතිපත්තියක් හදුන්වා දුන්නද එය සම්පුර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක් වන අතර එය නිවැරදි කර ගැනීමට හෝ කිසිදු ආණ්ඩුවක් මැදිහත් වී නොමැති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment