මේ කියන්නට යන්නේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. ඒ, මහින්ද බාලසූරිය මහතා පොලිස්පතිධූරය දරන සමයේ පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් බේකරියෙන් ණයට පාන් කෑමක් පිළිබඳවයි.
හිටපු පොලිස්පතිවරයා අදාල බේකරියෙන් රුපියල් ලක්ෂ 02 කට අධික මුදලක පාන් කා ඇති අතර ඔහු පොලිස්පතිධූරයෙන් විශ්‍රාම යනතෙක් එම ණය මුදල පියවීමට කටයුතු කර නොමැත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ වත්මන් අණදෙන නිළධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා එම ධූරයට පත්වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත. ලතීෆ් මහතා අණදෙන නිළධාරී තනතුරට පත්වූ වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇති අතර හිටපු පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ අදාල ණය මුදල වහාම පියවීමට කටයුතු කරන ලෙසයි. මෙම දැනුම්දීමෙන් පසුව බාලසූරිය මහතා එම ණය මුදල පියවා ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් සේවයේ නියුතු කීර්තිමත් ඉහළ නිළධාරියෙකු ලෙස සැලකෙන ලතීෆ් මහතා මෙවැනි දූෂණ, වංචා රැසක් පිළිබඳව විමර්ශන සිදුකර ඇති අතර ඒ නිසාම ඔහු දූෂිතයන්ගේ වංචනිකයන්ගේ වෛරයට භාජනය වී තිබේ. විශේෂයෙන් මහා පරිමාණ මත්කුඩු ජාවාරම් රැසක් නීතියේ රැහැණට හසුකර ගැනීමට ඔහු සමත් වූ අතර එම ජාවාරම් පිටුපස සිටින පුද්ගලයන් ලතීෆ් මහතා STF අණදෙන නිළධාරී තනතුරින් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණ දියත් කරමින් සිටී. මේ සඳහා හිටපු STF ප්‍රධානියෙකු මෙන්ම රජයට සම්බන්ධ පුද්ගලයන් පිරිසක් ද සම්බන්ධ බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් විශේෂ සවිස්තර වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න......
0 comments :
Post a Comment