වත්කම් හෙළි නොකිරීමේ දඩය 100,000ක් දක්වා වැඩිවේ.

වත්කම් හා බැරකම් හෙළි නොකිරීමට එරෙහිව අධිකරණය විසින් පනවන දඩය රුපියල් 100000ක් දක්වා ඉහළ නැංවීමට අවධානය යොමුව තිබේ. වත්කම් හ බැරකම් හෙළි නොකිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයෙකුට රුපියල් 1000ක දඩයක් මේ වන විට පනවයි.

වත්කම් බැරකම් හෙළි නොකිරීමට අදාළ නීති අවසන් වරට යාවත්කාලීන කර ඇත්තේ 1988 වර්ෂයේදී බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කරයි.

මේ අනුව නීතියට අදාළව ගෙනෙන සංශෝධනයේදී වත්කම් ප්‍රකාශ කිරීමේදී ණය, බුද්ධිමය දේපොළ, රක්ෂණ, විදුලි හා දුරකථන බිල්පත්, ලැබෙන ත්‍යාග, ලබාදෙන සංචාරක අනුග්‍රහයන්, විවිධ සංවිධාන හා සමාජ ශාලාවන්හි ලබාගෙන ඇති සාමාජිකත්වයන් පිළිබඳවද සලකා බලන බව සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment