"මේක මහ පුදුම රටක්, අවුරුදු 23ක් ගතවෙලත් අල්ලස් පනත තියා කොමිසමේ පනතවත් සංශෝධනය් වෙලා නැහැ"

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජනිත අබේවික්‍රම ලියනගේ,  නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය චන්න සුදත් ජයසුමන, ඩබ්ලිව්.ඩී.ආර්. ධර්මසිරි ගුණරත්න යන අය මෙම සංශෝධන පනතට අභියෝගකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකළ අයයි. 
 
අගවිනිසුරු ප්‍රියාසාද් ඩෙප්, භුවනෙක අළුවිහාරේ සහා නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් විභාගයට ගැනීම සිදුවෙයි. 
 
වංචා දුෂණ වැලැක්විම හා එවන් චෝදනා ඇති අය නීතිය හමුවට පමුණුවන බවට වත්මන් යහපාලන ආණ්ඩුවේ විශාල සංවාදයක් තිබූ අතර ඔවුන් බලයට පත්වීමේ ප්‍රධානතම කාරණයද එයයි. යුක්තිය පසිඳලීම දෙස දිගුකලක් ජනතාව බලා සිටියද එම නඩු විභාගයට විශාල කාලයක් ගත වීම හේතුවෙන් එකී යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ජනතාව තුළ මෙතෙක් කාලයක් ගොඩනැගී තිබුණ ආකල්පය සුභවාදී නොවේ. එහෙත් අධිකරණ සංවිධාන පනත සංශෝධනය වී එම නඩු කඩිනමින් විභාග කිරීමේ හැකියාව බවතින බවට වන මතයත් සමඟ මේ වන විට ඒ පිළිබඳව සාකච්ජාව තීව්‍ර වී තිබේ.
 
ඒ අනුව අල්ලසෙන්,දුෂණයෙන්, වංචාවෙන් තොර සමාජයක් ගොඩනැගීම සඳහා එය කෙතරම් බලපෑම් සහගත තීන්දුවක්ද? යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් අනාගතයේදී යම් සුභවාදී අදහසක් තබාගත හැකිද? මෙම සංශෝධනයට නීතිඥ සංගමයෙන් එල්ල වී ඇති විරෝධය ආදිය සම්බන්ධයෙන් යම් සංවාදයක් ගොඩනැගීම වෙනුවෙන් www.lankanewsweb.net අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සමඟ සාකච්ඡා කළෙමු. 
 
නඩු කඳුත් හරියට කුණු කඳු වගේ 
 
අල්ලස,දුෂණය,වංචාව වැලැක්වීම ගැන කතා කළද එය කඩිනම් කිරීම සඳහා වැඩපිළිවෙලක් නැත්නම් එම සාකච්ජාවෙන් පලක් නැත. අල්ලස, දුෂණය වැලැක්වීම අතින් ඉතාම පහළ තැනක සිටින ශ්‍රී ලංකාව තවදුරටත් නඩු කඳු ගැසිය යුතුද? 
 
දුෂණ නඩු විභාගය මහේස්ත්‍රාත් අධිකරණයට පමණක් භාර දී තිබීම ප්‍රශ්නයක් 
 
දුෂණය යන වචනය හඳුන්වා දී ඇත්තේ 1994 වසරේදීය. ප්‍රශ්නය වන්නේ එවකට ව්‍යවස්ථාදායකය විසින් එම නඩු විභාග කිරීම අපරාධ අධිකරණ ධුරාවලියේ පහළම අධිකරණය වන මහේස්ත්‍රාත් අධිකරණයට පැවරීමයි. ඒ සමඟම මතුවන ගැටලුව වන්නේ වසර 23ක් පමණ වන තෙක් මෙය සංශෝධනය කිරීමට අවශ්‍යතාවක් මතු නොවීමයි. 
 
අධිකරණයේ ස්වාධීනතාව සුරක්ෂිතයි
 
මෙම අධිකරණ සංවිධාන (සංශෝධන) පනත හරහා අධිකරණයේ ස්වාධීනතාවට කිසිදු හානියක් නොවන අතර විධිමත් ලෙස නඩු ව්භාග කිරීමේ හැකියාව ලැබේ.  
 
නීතිඥ සංගමය විරුද්ධ ඇයි? 
 
කෙසේ වෙතත් මෙම සංශෝධන පනතට විරෝධය දක්වන කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂය. රටේ  යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ ප්‍රධාන කසකරුවා  බවට පත්විය යුත්තේ නීතිඥවරුය. එහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතු කාරණයකි, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. යුක්තිය හා සාධාරණය ඉටුකරන ක්‍රමවේදයක් ලෙස නව සංශෝධනය පිළිබඳව ජනතාවද දැනුවත් විය යුතුයි. 
  
විත්තිකරුවන්ට කිසිදු හානියක් නැහැ 
 
ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නම් කිරීමේ බලය ඇත්තේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට මිස අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට නොවේ. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විධායක නිලධාරියෙකු මිස තීරණ ගැනීමේ බලයක් නොමැත. ඒ අනුව විත්තිකරුවන්ට ඇති කිසිදු අයිතිවාසිකමක් මේ පනතින් අහෝසි නොවේ.
 
වසර 23ක් ගතවෙලත් රටේ නීතිය යාවත්කාලීන වෙලා නැහැ 
 
රටේ නීතිය යාවත්කාලීන වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතී. මෙම සංවාදය මතුව ඇති යුගය වන විටත් අල්ලස් පනත හෝ අල්ලස් කොමිසම් සභා පනත හෝ වත්කම් හෝ බැරකම් පිළිබඳ පනත එක වචනයකින් හෝ සංශෝධනය වී නැත. මෙය මහා විමතියට කාරණයක්. ලොව බොහෝ රටවල් මෙවැනි නීති වසර හතරක් පහක් යන විට සංශෝධනය කරනු ලබයි. ලොව දුෂණය තුරන් කිරීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව ද 2004 වසරේ අත්සන් තැබුවද එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නැත.1994 සිට 2005 දක්වා දුෂණ නඩු හතරක පමණි විත්තිකරුවන් වරදකරුවන් බවට පත්වී ඇත්තේ 
 
වැදගත්ම කාරණය නිවාරණයයි 
 
පැමිණිලි විමර්ශනය කර නඩු දැමීමෙන්ම රටක අල්ලස,දුෂණය තුරන්  කිරීමට නොහැකිය. යුරෝපයේ රටවල් දෙස බැලූවිට පෙනෙන්නට ඇති දෙයකි අල්ලස් දුෂණ වැලැක්වීමට ආයතන නොවීම. නමුත් එම රටවල අල්ලස,දුෂණය දැකිය නොහැකියි.ඔවුන්ගේ විශේෂත්වය වන්නේ නිවාරණ වැඩපිළිවෙලට ප්‍රමුඛත්වය දීමයි. 
 
ආශිකා බ්‍රාහ්මණ/ නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment