ජගත් මානව හිමිකම් කොමිසමෙන් රජයට අනතුරු ඇඟවීම්

ජගත් මානව හිමිකම් කොමිසමෙන් රජයට අනතුරු ඇඟවීම්

ජගත් මානව හිමිකම් කොමිසමේ 37 වන සැසිවාරය අමතමින් එහි නියොජ්‍ය මහ කොමසාරිස් කේට් ගිල්මෝ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ඒ සඳහා ඇත්තේ තවත් වසරක කාලයක් පමණක් බවයි. එම කාර්යයන් ඉටු කිරීම සඳහා ලබා දුන් වසර දෙකක කාලය ලබන වසරේ මාර්තු මාසයෙන් අවසන් වන අතර එම කාලය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට හැකිවේ යැයි විශ්වාස කළ නොහැකි බව ද කේට් ගිල්මෝ අවධාරණය කරයි.

මේ අතර සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ප්‍රකාශ කළේ සංහිඳියා යාන්ත්‍රණය ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක කරන බවයි. සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා රජය බැඳී සිටින බවත් ඒ වෙනුවෙන් රජය හැමවිටම කැප වී ක්‍රියා කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

ජිනීවා වෙත ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සාමාජික ෆයිසර් මුස්තාෆා මහතා පෙන්වා දෙන්නේ මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාවට කිසිදු ගැටලුවක් ඇති නොවන බවයි. ජගත් සංවිධානය, ජගත් මානව හිමිකම් කොමිසම ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සමග මෙන්ම රටවල් සමග ද රජය යහපත් සබඳතා පවත්වන හෙයින් කිසිදු අවදානමක් නොමැති බවයි හෙතෙම කියා සිටින්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment