රට පුරා ආදර්ශ ගම්මාන 600ක්

රට පුරා ආදර්ශ ගම්මාන 600ක්

සභාපතිවරයා මේ බව කියා සිටියේ වව්නියාව දිස්ත්‍රික්කයේ අද (14) උදෑසන ඉදි කෙරෙන ආදර්ශ ගම්මානයන්හි ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

උතුරු පළාතේ ඉදිකෙරෙන ආදර්ශ ගම්මාන 150න් 48ක් මේ වන විටත් ඉදිකෙරෙමින් පවතින අතර ඒ සඳහා රුපියල් මිලියන 2300ක (කෝටි 230) මුදලක් වැය කර මේ වන විට යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම් හා වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි මෙම ආදර්ශ ගම්මාන ඉදිකෙරෙනවා.

එමෙන්ම වව්නියාව බෝගස්වැව නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1500ක්, වැලිඔය නිවාස ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1000ක් ගෙවුනු 2017 වසරේදී වැය කර තිබෙනවා. මේ අතර ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අධීක්ෂණයෙන් මෙම නිවාස ව්‍යාපෘති හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

samata sewana 1

samata sewana 02

samata sewana 3

samata sewana 4

රොමේෂ් මධුෂංඛ - වන්නි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment