පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පාරිභෝගිකයා බේරාදෙන්න

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පාරිභෝගිකයා බේරාදෙන්න

මාර්තු 15 දිනට (හෙට) යෙදෙන ලෝක පාරිභෝගික දිනය වෙනත් රටවල් විසින් පාරිභෝගිකයන් පාරිභෝගිකයන් සමග සමරද්දී මෙවර පාරිභෝගික දිනය මෙරට කර්මාන්ත හා ව්‍යාපාරික ප්‍රජාව සමග සැමරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කිරීම කනගාටුදායක බවත් එම ව්‍යාපාරය පෙන්වා දෙයි. පාරිභෝගික අධිකාරියට පාරිභෝගිකයන් විසින් කරනු ලබන පැමිණිලි හා ව්‍යාපාරිකයන්ට එරෙහිව සිදුකරන වැටලීම් අඩාල කරමින් පාරිභෝගික අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරන පාරිභෝගික සේවා අධිකාරියෙන් මෙරට පාරිභෝගිකයා ආරක්ෂා කර දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ යැයිද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම නිවේදනය පහතින්.

paribogika adikariya l h 01

ජනාධිපතිතුමනි, පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පාරිභෝගිකයා බේරා දෙන්න! ලෝකයේ වෙනත් රටවල් පාරිභෝගික දිනය පාරිභෝගිකයන් සමග සමරද්දී ලංකාව පාරිභෝගික දිනය ව්‍යාපාරිකයන් සමග සමරයි!

මාර්තු 15 දිනට ලෝක පාරිභෝගික දිනය යෙදන අතර ලෝකයේ වෙනත් රටවල් විසින් පාරිභෝගික දිනය පාරිභෝගිකයන් සමග සමරද්දී පාරිභෝගික කටයුතු අධිකාරිය මෙවර ලෝක පාරිභෝගික දිනය එක්සත් ජාතීන්ගේ සංධානයේ අනුබද්ධ ආයතනයක අනුග්‍රහයෙන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී මෙරට කර්මාන්ත හා ව්‍යාපාරික ප්‍රජාව සමග සැමරීමට කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායකය.

මේ වනවිට රිෂාර්ඩ් බදුර්දීන් ඇමතිවරයාගේ හෙන්චයියන් විසින් මෙහයවන පාරිභෝගික කටයුතු අධිකාරීකාරිය තුළ නිසි සුදුසුකම් නොමැති පූර්ණ කාලීන සමාජිකයෙක් සේවය කරන අතර ඔහු විසින් පාරිභෝගික අධිකාරියේ කාර් රථයක් ගෙන ගොස් අනතුරකට භාජනය කර තිබුණි.ඒ පිළිබඳව අප විසින් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළද නිසි පරීක්ෂණයක් තවම සිදුකර නොමැත.

පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහළ නිලධාරීන් ටාජ් සමුද්‍රා හෝටලයේ දින දෙකක් පැවැත්වෙන පාරිභෝගික සැමරුමට සහභාගී වන අතර ඔවුන් සහභාගී කරවීමේ මුඛ්‍ය අරමුණ වන්නේ මෙරට ව්‍යාපාරිකයන් හා ඔවුන් අතර වන මිත්‍රත්වය වර්ධනය කරමින් එම ව්‍යාපාරිකයන්ට එරෙහිව පාරිභෝගික අධිකාරියට පාරිභෝගිකයන් විසින් කරනු ලබන පැමිණිලි හා ව්‍යාපාරිකයන්ට එරෙහිව සිදුකරන වැටලීම් අඩාල කිරීමය.

පාරිභෝගික අධිකාරිය මගින් මෙතෙක් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සදහා හඳුන්වා දුන් නීති මේ වනවිට ක්‍රියාත්මක නොවන අතර ආරක්‍ෂිත හිස්වැසුම් නීතිය, සහල් සහ පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන පාලන මිල, ආපනශාලා සඳහා වන ප්‍රමිති, සෑම වෙළදසලක් එදිරිපිට තරාදියක් තිබීම අනිවාර්ය කිරීමේ නීතිය ඒ අතර වේ.

මේ වන විට පාරිභෝගික කටයුතු අධිකාරිය විශාල දූෂණ හා වංචා සිදුවන ස්ථානයක් බවට පත්වී ඇතුවා පමණක් නොව පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන තැනැක් බවට පත්ව ඇති නිසා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර දෙන ලෙස අප සංවිධානය ජනාධීපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ - සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 - දයා නෙත්තසිංහ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment