උඹලා මිනී මරුවෝ කියමින් දෙමළ ඩයස් පෝරාව ලාංකිකයින්ට බැණලා


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 37 වැනි සැසිවාරයට. සමගාමීව මෙරට මානව හිමිකම් තත්වය පිළිබඳව ජීනීවාහිදී පෙරේදා (19) පැවැති උප කමිටු රැස්වීමකදී ඊට එක්වූ ශ්‍රී ලංකා නියෝජිතයන් හා දෙමළ
ඩයස්පෝරාවේ නියෝජිතයන් අතර උණුසුඹ්කාරී තත්වයක් හටගෙන ඇත. ගෝලීය දෙමළ සංසදය හා ශ්‍රී ලාංකීය ගෝලීය සංසදය විසින් මෙම කමිටු රැස්වීම සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකා සිංහල ජනතාව, ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව සමූල ඝාතනය කරමින් සිටින බවට හෙල් හිවිමන් නමැති ගෝලීය ද්‍රවිඩ සංසදයේ නියෝජිතයා ප්‍රකාශ කිරීමත් සමග මෙම උණුසුම්කාරී තත්ත්වය උද්ගතව ඇත. මෙහිදී දේශප්‍රේමී වෘත්තීයවේදීන්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා මහතා හෙල් නිව්මන්ගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ඊට ප්‍රතිවිරුද්ධව දැඩි ලෙස අදහස් දක්වා ඇත. 1960

වසරේ යාපනය අර්ධද්වීපයේ වාසය කළ මුස්ලිම් ජනතාවට පැය 48ක් තුළ පිටව යන ලෙස එල්.ටී.ටී.ඊ.ය අණ කළ ආකාරය මෙම එල්.ටී.ටී.ඊ,ය විසින් දහස් ගණනක් මුස්ලිම් ජනතාව මරා දැමුණු ආකාරයද මෙහිදී නාලක ගොඩහේවා මහතා සිහිපත් කර ඇත.
ගොඩහේවා මහතාගේ මෙම අදහස් දැක්වීමෙන් කුපිත වු ගෝලීය ද්‍රවිඩ සංසදයේ නියෝජිතයන් තම අසුන්වලින් නැගී සිට ලාංකික ගෝලීය සංසදයේ නියෝපිතයන් අසුන්ගෙන සිටි පෙදෙසට පැමිණ කලහකාරී ලෙස හැසිරී ඇත. "උඹලා මිනීමරුවො, ඇයි උඹලා මෙහෙ ආවෙ" යැයි කෑ ගසමීන් ද්‍රවිඩ සංසදයේ නියෝජිතයන් ආවේගශීලී ලෙස කෑ ගසමින් ශ්‍රී ලංකා නියෝජිත වෙතට තර්ජනය කිර්මටද පටන් ගෙන ඇත.
මෙහිදී රැස්වීමේ සංවිධායකවරුන් වහා පැමිණ කලහකාරී ලෙස හැසිරෙන මෙම ද්‍රවිඩ ගෝලීය සංසදයේ නියෝජිත පිරිස රැස්වීම් ශාලාවෙන් ඉවතට කැඳවාගෙන යාමත් සමග තත්වය පාලනය වී ඇත.
රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළ දෙමළ සංසද නියෝජිතයන්ට මෙහිදී ශ්‍රී ලාංකීය ගෝලීය සංසදයේ අනෙකුත් නියෝජිතයන්ගද දැඩි විරෝධය එල්ල වී ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment