පාරේ නිදාගත් මන්ත්‍රීට මංමාවත් ආඥාපනත යටතේ නඩු


පසුගියදා මහාමාර්ගයක් අවහිර කරමින් පාර මැද නිදාසිටි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණය ඊයේ කටයුතු කරන ලදි.
නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආනන්ද රාජපක්‍ෂ මහතා වහාම මාරු කරන්නැයි
ඉල්ලා ගම්පොළ-නාවලපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් නාවලපිටිය පොලිසිය ඉදිරිපිට මාරිගයේ සුදු ඉර මත නිදාගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේට එරෙහිව මංමාවත් ආඥාපනත යටතේ නඩු පැවරිමට අදාළ වාර්තාව  නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (16) ඉදිරිපත් කර තිබේ.

මංමාවත් ආඥාපනත යටතේ නඩු පැවරීම සඳහා මන්ත්‍රීවරයා මෙන්ම තවත් දොළොස් දෙනෙකුගේ නම් ද එහි සඳහන්වේ.
නාවලපිටිය පොලිස් ස්ථානාධිපති මාරු කරන ලෙස ඉල්ලා මන්ත්‍රිවරයා පොලිසිය ඉදිරිපිට සුදු ඉර මත පැදුරක් එලාගෙත ඉකුත් 10 වැනිදා අලුයම 5.30 සිට එදින පස්වරු 2.10 දක්වා
මෙම විරෝධය පවත්වා තිබිණි.
බස්රථ ඇතුළු වාහන විශාල ගණනක් ධාවනය වන මෙම මාර්ගයේ මන්ත්‍රීවරයා නිදාගෙන සිටි නිසා අවහිරතා ඇතිවූ අතර විකල්ප ලෙස එම මාර්ගය වසා අතුරු මාර්ගයක් වන වේලි පාර ඔස්සේ වාහන ධාවනයේ යොදවන්නට පොලිසියට සිදුවිය.
විරෝධතාව මත පොලිස් ස්ථානාධිපතිවරයා අස් නොකළ අතර නාවලපිටිය පොලිසිය ඔවුන්ට නඩු පවරා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment