'මහනුවර දේපොළ වෙසක් පොහොයට පෙර යථා තත්ත්වයට' - හමුදාපති


මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානි වූ පූජනීය ස්ථාන හා නිවාස එළඹෙන වෙසක් පුන් පොහෝ දිනට පෙර ප්‍රතිසංස්කරණය කර හිමිකරුවන්ට භාරදෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

අද (08දා) මල්වතු මහනායක අතිපූජ්‍යය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමීන්ද්‍රයන් බැහැ දැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

විනාශවී ඇති සියලු ගොඩනැගිලි යථා තත්ත්වයට පත්කිරීම සඳහා ජනපති කාර්යාලයෙන් ඊට අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ලබා දෙන බවත්, ජනපති උපදෙස් මත ත්‍රිවිධ හමුදාවේ මෙහෙය වීමෙන් අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් යුද හමුදාපතිවරයා එහිදි පැවසීය. මෙවර වෙසක් පුන් පොහෝ දිනය එළඹෙන අප්‍රේල් මස 29 දිනට යෙදී තිබේ.

මහනුවර ඇති වූ කලහකාරි සිදුවීම පිටුපස පිට පළාත්වලින් පැමිණි පිරිසක් සිටින බවත්, මේ වනවිට ඔවුන් හඳුනා ගෙන තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මහනුවර ජීවත්වන සාමකාමී ජනතාව උසිගන්වමින් නොයෙක් කඩාකප්පල්කාරී සිදුවීම් ඇති කිරීම සඳහා මොවුන් නායකත්වය ලබාදෙමින් සිටින බවත්, භික්ෂූන් වහන්සේලා කිහිපනමක්ද ඒ අතර සිටින බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment