මුලතිව් මුල්ලිවයික්කාල්හි රත්තරන් හා යුද අවි සොයා සෝදිසියක්

මුලතිව් මුල්ලිවයික්කාල්හි රත්තරන් හා යුද අවි සොයා සෝදිසියක්

මෙසේ කැණීම් කටයුතු කල් දැමීමට සිදුව ඇත්තේ පොළොව යටින් ජලය මතු වීම නිසාය. මුලතිව් මහෙස්ත්‍රාත්වරයා සහ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ඉදිරියේදී පැය තුනක පමණ කාලයක් මෙම කැණීම් කටයුතු සිදු කළේය.

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසියට සහ යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ නියෝගයක් අනුව ඔහු ඉදිරිපිටදීම මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේදී රත්තරන් හා යුද අවි සොයා පස් කපන යන්ත්‍රානුසාරයෙන් මෙම කැණීම් සිදු කර තිබේ.

පසුගිය දින කිහිපයේදීද මුලතිව් මුල්ලිවයික්කාල්හි රත්තරන් හා යුද අවි වළ දමා ඇති බවට ලැබුණු තොරතුරු අනුව සිදු කරන ලද කැණීම්වලින් කිසිවක් හමු නොවුණු අතර මුලතිව් පුදුකුඩිඉිරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

රොමේෂ් මධුෂංඛ - වන්නි

mulathew gold 1

mulathew gold 2

mulathew gold 3

mulathew gold 4

mulathew gold 5

mulathew gold 6

mulathew gold 7


 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment