“දැන් මේ සංශෝධනයට විරුද්ධව අධිකරණයට යන්නේ කෝ හොරු ඇල්ලුවද කියලා ආණ්ඩුවට ඇඟිල්ල දික්කරපු ඒකාබද්ධෙ අයම තමයි. ඒක තරම් විහිළුවක් තවත් නෑ. දූෂිතයින්, අපරාධකාරයින් තමයි විශේෂ අධිකරණ පිහිටුවන එකට බය වෙලා තියෙන්නේ. තමන් වැරද්දක් කරලා නැත්නම් බයවෙන්නේ මොකද? දිනේෂ් ගුණවර්ධනලාට හොරු වෙනුවෙන් කඩේ යන්න වීම හරිම දුකයි.” ලාල්කාන්ත කීවේය.
“ආණ්ඩුවට අවුරුදු තුනක් යනකල්ම බැරි වුණා වංචනිකයින්ට, දූෂිතයන්ට දඩුවම් දෙන්න වැඩපිළිවෙළක් හදාගන්න. දැන් තමයි නින්දෙන් ඇහැරිලා වගේ පනත් සංශෝධනය කරන්න යන්නේ. මේ ආණ්ඩුව කාලේ නම් වංචනිකයින්ට දූෂිතයින්ට දඬුවම් දෙයි කියලා හිතන්න බැහැ.” විජිත හේරත් මහතා පවසයි.
“අධිකරණ ඇමතිටත් ගෙදර යන්න වුණා මේ වංචනිකයින් දූෂිතයින් ආරක්ෂා කරනවා කියලා චෝදනාවට. ඒ විතරක් නෙවෙයි අගමැතිවරයයි ජනාධිපතිවරයයි කරන්නෙත් හොරු රකින එක. පොඩියට හරි පරීක්ෂණ අරගෙන ගියපු දුෂණ මර්දන කමිටුවත් වහලා දැම්මා. ඒ නිසා මේ අධිකරණ පිහිටුවීම ගැන සංවාදය උඩට අරගෙන කඩිනමින් අධිකරණ පිහිටුවීමට ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ” සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේය.
“නීතිඥ සංගමය පෙන්නලා දීලා තියෙනවා අධිකරණ සංවිධාන පනතේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා. ඒවා ඉක්මනින් හදාගෙන අධිකරණ පිහිටුවීම තමයි ආණ්ඩුව කළ යුත්තේ. මොකද ජනතාවගේ අභිලාෂය වෙලා තියෙන්නෙත් පුළුවන් තරම් ඉක්මනට හොරුන්ට අපරාධකාරයින්ට දඬුවම් දෙන එක. සාමාන්‍ය විදියට නඩු අහන්න ගියොත් අවුරුදු දහය පහළොව නඩු ඇදෙනවා.” බිමල් රත්නායක මහතා පවසයි.
“චෝදනා එල්ල වෙලා තියෙන අයටත් මේක හොඳයි. මොකද වැරැද්දක් කරලා නැත්නම් චෝදනාවෙන් ඉක්මනට නිදහස් වෙන්න පුළුවන්.” අනුර දිසානායක කීවේය.
AshWaru Colombo
0 comments :
Post a Comment