කුරුණෑගල මහ නගර සභාවේ බලය පොහොට්ටුවට.


කුරුණෑගල මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබේ. ඒ එහි නගරාධිපති හා උපනගරාධිපති පත්කිරීම සඳහා පැවැත්වූ රහස් ඡන්දයෙන් පොදුජන පෙරමුණ නියෝජනය කළ තුෂාර සංජීව හා සුමිත් උඩවාතල යන මහත්වරුන් පිළිවෙළින් නගරාධිපති හා උපනගරාධිපති වශයෙන් පත්වීම හේතුවෙනි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් අත්කර ගැනීමට කිසිඳු පක්ෂයකට නොහැකි විය. නගරාධිපති වෙනුනේ පැවැත්වූ රහස් ඡන්දයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා හැර මන්ත්‍රීවරුන් 20 දෙනෙකු ඡන්දය භාවිත කළ අතර එහිදී තුෂාර සංජීව මහතා ඡන්ද 11 හිමිකර ගත් අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ වරුණ ප්‍රෙමරත්න මහතාට හිමිවූයේ ඡන්ද 9කි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment