විශ්වාසභංගයට පෙර අගමැති ඉල්ලා අස්විය යුතු බවට එක්සත් ජාතික පෙරමුණ තීන්දු කරයි

විශ්වාසභංගයට පෙර අගමැති ඉල්ලා අස්විය යුතු බවට එක්සත් ජාතික පෙරමුණ තීන්දු කරයි

 

පසුගිය මැතිවරණය සඳහා අලියා ලකුණ යටතේ තරඟ වැදුණු එක්සත් ජාතික පෙරමුණේ නියෝජිත මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ (27) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වූ අවස්ථාවේදී චම්පික රණවක අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

විශ්වාසභංගය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් හෙට (29) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ එම රැස්වීමේදී සාකච්ඡා කළ යුතු කරුණු පිළිබඳව තීරණය කිරීම සඳහා ඊයේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් චම්පික රණවක, රවුෆ් හකීම්, අර්ජුන රණතුංග, සරත් ෆොන්සේකා, මනෝ ගනේශන්, පලනි දිගම්බරම්, කරුණාරත්න පරණවිතාන යන මැති ඇමතිවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට රැස්වී තිබිණි.

එහිදී විශ්වාසභංගයට පෙර අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුය යන යෝජනාව චම්පික රණවක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර ඊට එකඟ වී ඇති සෙසු මැති ඇමතිවරුන් තීරණය කර ඇත්තේ ඉල්ලා අස්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බල කිරීමටය.

මේ අතර විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ද අදහස වී ඇත්තේ විශ්වාසභංගයට පෙර අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුය යන්න බව වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment