ඉන්දියාවේ කැලයක දුමක් පිට කරන ඇතෙක් (video)


ඇතුන් පිළිබඳ ලොව පුරා විශේෂඥයන් විමතියට පත්කරමින් ඉන්දියාවේ වනාන්තරයක දුම් පිටකරන ඇතෙක් ගැන වාර්තාවෙයි.



 2016 අප්‍රේල් මාසයේ කර්නාටක ප්‍රාන්තයේ නාගර්භෝල් වනාන්තරයට රාජකාරි මට්ටමේ ගමනක් ගිය ඉන්දියාවේ වනජීවී සුරක්ෂා සංගමයට සම්බන්ධ විද්‍යාඥයෙකු වන විනෙයි කුමාර් විසින් පටිගත කරන ලද තත්පර හතළිස් අටකින් යුතු මෙම ඇතාගේ විඩියෝ පටයක් නිකුත්වීමත් සමග මෙම ආන්දෝලනය ඇතිව තිබේ. විඩියෝ පටයේ වටිනාකම් ගැන කල්පනාවක් නොතිබුණු බැවින් මෙතෙක් එය නිකුත් නොකළ බව විනෙයි කුමාර් කියයි.


මෙම ඇතා අළු සහිත දුමක් පිටකරන්නේ කෙසේදැයි නොදන්නා බව විද්‍යාඥයන්ගේ අදහසයි. වන අලියෙක් මෙවැනි දෙයක් කරනු දුටු පළමු වතාව බවද ඉහළම වනජීවී විද්‍යාඥයන් පවා ඒ ගැන විමතිය පළකරන බවද වාර්තා වෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment