ඇල්ලේ සුදු තරුණිය අතවරයට තැත් කළැයි ත්‍රී රෝද රියදුරා අත්අඩංගුවට


ඇල්ල, කිතල් ඇල්ල මාර්ගයේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටියදී සුදු තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ ත්‍රිරෝද රථ රියැදුරකු ඇල්ල පොලිසිය මගින් ඊයේ (27)දා අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.



මේ විදේශීය කාන්තාව ඊයේ (27)දා අලුයම 3.00ට පමණ ඇල්ල නගරයේ සිට කිතල්ඇල්ල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඇල්ල නගරයේම හෝටලයක සේවයේ නියුතු ත්‍රිරෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු අතවර කිරීමට උත්සාහ කළ බවට ඇල්ල පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ඇල්ල මකුල්ඇල්ල අඹදණ්ඩේගම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 30ක තරුණයෙකි.බණ්ඩාරවෙළ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් රීදි ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ක අලගියවන්න මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්ල පොලීසියේ නිලධාරීන් විසින් මේ පිළිබඳව පරීක්ෂන සිදුකරන අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment