අශෝක කුමාර කුලතුංගගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය ජනගත වෙයි

අශෝක කුමාර කුලතුංගගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය ජනගත වෙයි

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගොඩගේ ප්‍රකාශන අධිපති සිරිසුමන ගොඩගේ මහතා සහභාගි විය. ප්‍රවීණ ගේය පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහභාගී වී සිටියහ.

ප්‍රධාන දේශන නවකතා හා කාව්‍ය රචක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ ප්‍රවීණ ගේ පද රචක තිලක් පුෂ්පකුමාර යන මහත්වරුන් විසින් පැවැත් වූ අතර චූලානන්ද සමරනායක, අනුරසිරි හෙට්ටිගේ, රුවන් බන්දුජීව, නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්, රවී සිරිවර්ධන, වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි, ලහිරු කිතලගම ආදි සාහිත්‍යවේදීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

ඉගිල්ලෙන කරදහි කුරුල්ලා 2017 ගොඩගේ කාව්‍ය අත්පිටපත් තරගයේ අවසාන කෘති දහය අතරට තේරී පත්වූ කෘතියක්ද වේ.

Book

Book 1

Book 2

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment