ස්මිත්, වෝනර්, බ්‍රැන්ක්‍රොෆ්ට් නැවත කැඳවයි

ස්මිත්, වෝනර්, බ්‍රැන්ක්‍රොෆ්ට් නැවත කැඳවයි
දකුණු අප්‍රිකා-ඕස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කළ බවට ඕස්ට්‍රේලියානු කණ්ඩායම චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලදී ඉහත ක්‍රීඩකයන් තිදෙනා එම සිද්ධියට සම්බන්ධ බව ඔප්පු වී තිබේ. මෙය පෙර සැළසුමකට අනුව සිදුවූවක් බව මේ වනවිට තහවුරු වී තිබේ.
 
මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් පිළිබඳවද මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකයට භාජනය වී තිබූ අතර ඔහු මෙම සිදුවීමට සම්බන්ධ බවට තවමත් තහවුරු වී නොමැත. ඒ අනුව ඔහු තවදුරටත් පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
 
මේ අතර ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ හයිද්‍රාබාද් සන්රයිසස් කණ්ඩායමේ නායකත්වයෙන් ද ඩේවිඩ් වෝනර් ඉවත් කර ඇති බව වාර්තා වේ. රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායකත්වය දැරූ ස්ටීවන් ස්මිත් ද රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායකත්වයෙන් පසුගිය සඳුදා ඉල්ලා අස්විය.
 
සන්රයිසස් කණ්ඩායමේ නායකත්වයට වෝනර් පත්වීමෙන් පසුව ඔහු යටතේ පසුගිය වසරේ අයිපීඑල් ශූරතාවය හිමිකර ගැනීමට ද සන්රයිසස් කණ්ඩායම සමත් විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment