වඳ භාවය බොන බෙහෙත් මගින් ඇති කළ හැකිද?




වඳ භාවය 
බොන බෙහෙත් මගින් ඇති කළ හැකිද?'
විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ පැහැදිලි කරයි

පසුගියදා අම්පාරේ ආපන ශාලාවක් ගිනිබත් කරන්නට හා ඒ ආශ්‍රිත උණුසුම් තත්වයක් මතුකරන්නට හේතුවූයේ එම ආපන ශාලාවේ කොත්තු සමග ලබාදුන් හොද්දක වඳ බෙහෙත් දමා ඇතිය යන්නත් එය සිදුකර ඇත්තේ සිංහල ජාතිය වඳ කිරීමට මුස්ලිම් අය ගෙනයන උපායක් ලෙසින් යන අදහසක් මතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවම ආහාර පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ තහවුරු කිරීමක් හෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් හෝ කර නැත.‘කඩේ අයියා එය පිළිගත්ත නිසා කඩේ ගිනි තිබ්බා‘ යන්න සිද්ධියට සම්බන්ධ අය
සමාජ මාධ්‍ය වලට

මුදාහැරිය අදහස විය.
 'සිංහල කොත්තු' හා “මුස්ලිම් ආපනශාලවල වඳ බෙහෙත් ආහාර” සම්බන්ධ ඕපාදූපය 2010-11 කාලයේ සිට මේ දක්වා වරින් වර මතුවන යුද නිමාවෙන් පසු කාලය දක්වා ලංකාවේ නොපැවති අලුත් අදහසකි.
මෙම සංකල්පය පැතිරයාම පසුපස යුද්ධය නිසා රට බේරාගත් නායකයා මහ ජාතිය වෙනුවෙන් සිටින එකම කෙනාය යන ගැම්ම ඇතිකිරීම හා එය ප්‍රවර්ධනය කිරීමේ පටු දේශපාලන අර්ථයක් ඇති බව විද්වත් මතය විය.එ් වෙනුවෙන් ජාතීන් අතර නොපැවති ගැටලු මතුකර තැබීම හා සිංහල කැක්කුම දේශපාලන වාසියට දඩමීමා කරගැනීම එහි අභිලාෂයයි.

 ෆේස් බුක් ආශ්‍රිත තරුණ කොට්ඨාස හා සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවායයි කියන දේශපාලන හස්තයක් මගින් හසුරුවන බලපෑම් කණ්ඩායම් කිහිපයක් මේ වෙනුවෙන් නිරන්තරයෙන් අරගලයේ යෙදේ.
2017 සැප්තැම්බර් කාලයේ ගාල්ල හිරඹුර පාර ගලගෙඩිය හන්දියේ එම්.ජේ.එම්. හෝටලය සහ ගාල්ල තනිපොල්ගහ හංදියේ  තලාල් හෝටලයටද මින් ඉහත මෙම චෝදනාව එල්ලවූ අතර පසුව හෙළිවූයේ මෙම චෝදනා පසුපස එම හන්දිවල තරගකාරී කඩ හිමියන් තම අනෙක් අය යටපත් කර ව්‍යාපාරික වාසිය තකා ඒ ගැටලු මෙහයවා ඇති බවයි.

ෂිංගල් කොත්තු එකක් දාන්න යයි කැෂියර් කියූ දෙය සිංහල කොත්තු එකක් දාන්න යයි තේරුම් ගෙන එවැනි විශේෂ වඳ කොත්තුවක් පිළිබඳ අරගලය මෙහිදී ඇති විය.

සමාජ ජාල තුළ ප්‍රචාරය වූයේ වඳ බෙහෙත් නිසා එම හෝටල සීල් තබා ඇති බව වන නමුත් එවැන්නක් සිදුව තිබුනේ නැති අතර කුපිතවූ පිරිස් පෙට්‍රල් බෝම්බ ගසා එම කඩ විනාශ කිරීමට කරුණු යෙදිණි.
පසුගිය සතියේ අම්පාරේ ඇතිවූ සිද්ධියද මේහා සමාන වූවකි. කොත්තු හොද්දක වඳ බෙහෙත් කලවම් කර ඇති බවට තරුණයින් සිදු කරන චෝදනාව සත්‍යයක්ද යන්න මෙහිදී විමසා බැලීම වටී. 2017 සිද්ධිය වූ අවස්ථාවේ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා මේ සම්බන්ධයෙන් පුවත්පතකට දක්වා තිබෙන අදහස පහත පරිදිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment