අගමැති නීතිය හා සාමය නව ඇමතිට පළමු රාජකාරිය පවරයි.


ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් නොකර අඩුපාඩු ඇති වන විට පමණක් ක්‍රියාත්මක වන ජාතික පොලිස් කොමිසම අනුගමනය කරන ක්‍රියාදාමය පිළිබඳව වාර්තාවක් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය බාර නව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ඊයේ (8දා) උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

පොලීසියබාර නව අමාත්‍යවරයා ලෙස වැඩ බාරගත් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අග්‍රාමාත්‍යවරයා මෙම උපදේශය ලබාදී ඇත්තේ අමාත්‍යවරයාගේ පළමු නිල රාජකාරිය ලෙස බවද පැවසීය.

රටේප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදයක් පොලිස් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් නොකර අඩුපාඩු ඇති වන විට පමණක් පොලීසියේ ක්‍රියා ප්‍රශ්න කිරීම රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ගැටලුවක් වන බව පොලිස් ප්‍රධානීන් අග්‍රාමාත්‍යවරයා හමුවේ දැනුම් දී තිබුණි.

රාජාංගණයේ ඇති වූ සිද්ධිය ගැන වාර්තාවක් දෙන ලෙස පොලිස් කොමිසමේ ලේකම් විසින් පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණත් කොමිසමේ සභාපතිවරයා අග්‍රාමාත්‍ය කාර්යාලයට සැළකර සිටියේ එවැනි වාර්තාවක් අවශ්‍ය නොවන බවයි.

මෙවැනි පසුබිමක් යටතේ පොලිස් කොමිසමේ ලේකම් වාර්තාවක් ඉල්ලා තිබුණේ කුමන පදනමක් යටතේදැයි සොයන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අමාත්‍යවරයාට දුන් උපදෙස් වල සඳහන් බවද වාර්තාවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment