බුකිය අපට බ්ලොක් කරලා හරි හරියේ : ජනාධිපති අද තනියම වැඩ බුකියේ.

ජාතිවාදී ප්‍රහාර සැලසුම් කිරීම සඳහා facebook ඇතුළු සමාජ ජාල යොදාගන්නා බවත් එහෙයින් එය සමනය කිරීමේ උපක්‍රමයක් ලෙස තාවකාලිකව සමාජ ජාල පහසුකම් අත්හිටුවීමට රජය තීරණය කරනු ලැබිණ.

පසුගිය 7දා සිට එම තීන්දුව ක්‍රියාත්මක කෙරුණු නමුත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල facebook පිටුව ඊයේ (08) සුපුරුදු පරිදි යාවත්කාලීන කොට ඇති බව වාර්තා වෙයි.

අප වෙත ලැබුණු තොරතුරු අනුව අද පැවති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඊට අදාළ ජනාධිපතිවරයාගේ නිල සුබ පැතුම් පණිවිඩය සහ නීතිය හා සාමය කැබිනට් අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාගේ දිවුරුම්දීමේ අවස්ථාව ජනාධිපතිවරයාගේ නිල facebook පිටුවේ පළකර ඇත.

මෙසේ රටටම සමාජ ජාල භාවිතය තහනම් කර ඇති පසුබිමේ ජනාධිපතිවරයාගේ ගිණුම පමණක් සක්‍රීයව පැවතීම සම්බන්ධව FB ක්‍රියාකාරීන් බරපතළව ජනාධිපතිවරයා විවේචනය කර ඇති බවද වාර්තා වෙයි.

සංස්කාරක සටහන

සාමාන්‍යයෙන් ප්‍රභූ පුද්ගලයන්ගේ FB ඇතුළු සමාජ ජාල ගිණුම් පවත්වාගෙන යන්නේ ඔවුන් නොව ඔවුන් වෙනුවෙන් සේවයේ යොදවා සිටින පිරිස්ය. එහෙයින් ඔවුන් තම ස්වාමියා සම්බන්ධව මීට වඩා සැළකිල්ලක් ඇතිව කටයුතු කළයුතුව ඇත. කෙසේ වුවත් මේ හැසිරීම පෙන්නුම් කරන්නේ ස්වාමියාට ඇති භක්තිය හෝ ගෞරවය, විශ්වාසය නොව ස්වාමියා සතු බලය හේතුවෙන් රටේ නීතිය පවා අමතකවී ඇති බවය.

විශේෂයෙන් මෙවන් මොහොතක ආචාර ධාර්මික හැසිරීමකට අදාළ අවම හෝ හැඟීමක් ඒ පාර්ශව වෙත තිබුණා නම් මෙවැනි ආකාරයට ජනාධිපතිවරයාව හෑල්ලුවට පත්වන ආකාරයේ කටයුතු සිදුවන්නේ නැත.

තරහා අවසර : කරුණාකර හිතට ගන්න

සැබවින්ම මෙය අප පුවතක් බවට පත්කර ගත්තේ කාටවත් දොසක් දක්වන්නට නොව. එසේම කාගේවත් පුටුවකට තට්ටු කරන්නටද නොව. එවැනි තුට්ටු දෙකේ වෙට්ටු දමන වැඩ අප කොහෙත්ම අනුමත කරන්නේ නැත. ඒ හැර වැඩ කරන්නේ කෙසේද යන්න හෝ ප්‍රභූ සේවයේ විශේෂඥ උපදෙස් දීමට අප මේ පුවත පළකරන්න අදහස් කළේ නැත.

 ඒ වෙනුවට, අප මේ බව ගෙන හැර දක්වන්නේ මේ කරන කටයුතු වලින් හෑල්ලු වන්නේ මේ රටේ ජනාධිපති නිසාය. අපේ රටේ අංක එකේ පුරවැසියා නිසාය. සමස්ත රටක් වෙනුවෙන් යුද්ධය හෝ සාමය ප්‍රකාශයට පත්කිරීම සඳහා බලය පවරා ඇති පුද්ගලයා නිසාය.

නීතිය නම් කාටත් එය පොදු විය යුතුය !

ඒ සියල්ලට වඩා නීතිය නම් එය සැමටම එක සමාන විය යුතු බවත් තනතුර හෝ වෙනත් කිසිඳු වරප්‍රසාදයක් මත එය උල්ලංඝණය විය නොහැකි බව අප විශ්වාස කරන නිසාය.

පහත පළවන්නේ එසේ ජනාධිපතිවරයාගේ FB පිටුවෙහි සඳහන් විවේචන අතුරින් කිහිපයකි.






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment