මහනුවර ඇඳිරි නීතිය ඉවත් කෙරේ

මහනුවර ඇඳිරි නීතිය ඉවත් කෙරේ

 

පොලීසිය පවසන්නේ මේ වන විට දිස්ත්‍රික්කයේ සාමකාමී වාතාවරණයක් පවතින බවය.

පසුගිය 4 වනදා සිට දින කිහිපයක් මුළුල්ලේ පැවති ගැටුම්කාරී තත්වය හේතුවෙන් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අවස්ථා කිහිපයකදී ම ඇඳිරි නීතිය පනවනු ලැබිණි.

කලහකාරී ලෙස හැසිරීම, ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සහ ගැටුම්වලට මූලිකව කටයුතු කිරීම යන චෝදනා මත මේ වන විට සැකකරුවන් 81 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3000ක්, යුධ හමුදා නිලධාරීන් 2500ක් සහ නාවික හමුදාවේ නිලධාරීන් 600ක් ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් එම්. එම්. පී. හිටිසේකර මහතා සඳහන් කරන්නේ හානි වූ නිවාස සහ දේපළ තක්සේරු කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවයි.

RN

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment