අගමැතිට එරෙහි විශ්වාසභංගය පුස්සක් - රාජිත

අගමැතිට එරෙහි විශ්වාසභංගය පුස්සක් - රාජිත
කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේ සිට පදනම් ආයතනය දක්වා මෙම පාගමන අද(24) පෙරවරුවේ පැවැත්විනි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
“විශ්වාසභංග යෝජනාව පරාජය කිරිමට සියලු බලවේග අපි එකතු කරනවා. එය පරාජයට පත් කිරීමට කටයුතු කරනවා. වසර 2020 වනතුරු මෙම රජය පවතිනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනය අදයි. මම පළමුව සුබපතන අතර, දීර්ඝායුෂ ද ප්‍රාර්ථනා කරනවා. අග්‍රාමාත්‍යධූරයේ රැදී සිටිමින් තවත් කාලයක් ජනතාවට සේවය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාසය පළ කරනවා.”
 
“ක්ෂය රෝගය මර්දනය කිරීම පිළිබදව ලොව පුරා අවධානය යොමු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සදහා වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. ලොව පුරා මිලියන 10 කට අධික ක්ෂය රෝගීන් පිරිසක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය තුරන් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව දැනුවත් කරමින් වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.”
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment