ජනතාවගේ බලාපාරොත්තුව මා නැවත බලයට පත්කිරීමයි - මහින්ද රාජපක්ෂ

ජනතාවගේ බලාපාරොත්තුව මා නැවත බලයට පත්කිරීමයි - මහින්ද රාජපක්ෂ
2015 ජනාධිපතිවරණ පරාජයෙන් වසර 03 ඉක්ම යද්දී නැවතත් බලයට පැමිණීමට ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබී ඇති බවත් ඔහු අවධාරණය කර තිබේ.
 
මහනුවර ගැටුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ බොහෝ දෙනා ඒ පිටුපස තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සිටින බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බවයි. පසුගිය මැතිවරණවලදී මුස්ලිම් ජාතිකයන් බහුතරය තමන්ට එරෙහිව සිටීම ඒ සඳහා පදනම ලෙස භාවිතා කරන බවත් එහෙත් ජාතිවාදී ගැටුම් පිටුපස තමන් හෝ තමා සමග සිටින පිරිස් හෝ නොමැති බවත් ඔහු අදාල සාකච්ඡාවේදී පවසා තිබේ.
 
වත්මන් ඉන්දීය රජය ශ්‍රී ලංකාව දෙස බලන කෝණය 2015 ට පෙර තත්වයට වඩා වෙනස් බවත්  චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා සම්බන්ධයෙන් ඉන්දියාව කලබල වියයුතු නොමැති බවත් චීනය, ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් ත්‍රිත්වය සමගම ශ්‍රී ලංකාව ඉතා සමීප සබඳතා පවත්වන බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි.
 
ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිශ්චිතවම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් රාජපක්ෂ මහතා පවසයි.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment