වැලිකඩ මිනී මරපු රංගජීවටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රැකවරණය ?

මේ වනවිට විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වලන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීම රැල්ලක් බවට පත්ව ඇති අතර වැලිකඩ රැඳවියන් ඝාතනය ඇතුළු අපරාධ සම්බන්ධයෙන් නම ගෑවී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද පොලිස් අත්අඩංගුවට පත්වීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හරහා වලක්වා තිබේ.
 
පසුගිය රජය සමයේ සිදු වූ විවිධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ අතරමග ඇණහිට ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකිරීම හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ ඒ සඳහා එක් හේතුවක් වී තිබේ. යුක්තිය පසිඳලීමට අද ප්‍රධානතම බාධාවක් වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව හා ශ්‍රේෂ්ඨාධිකරණයයි.
 
පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඉදිරියේදී තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට නියමිත අතර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු අපවෙත ප්‍රකාශ කළේ එසේ වුවහොත් පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට පත්වීම වැලැක්වීමේ තීන්දුවක් ලබාදීමට බොහෝදුරට ඉඩ තිබෙන බවයි.
 
රංගජීව අදාල ඝාතනයට සෘජුවම සම්බන්ධ බවට ඇසින් දුටු සාක්ෂි පවා තිබියදී ඔහුව අත්අඩංගුවට ගැනීමට තවමත් පොලීසිය අසමත් වී තිබේ. වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් 2015 වසරේදී පත්කළ කමිටුව හමුවේ සාක්ෂි දුන් පුද්ගලයන්ගේ ප්‍රකාශවලට අනුව රංගජීව ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් ද සමග පැමිණ සිරකරුවන් තෝර තෝරා ඝාතනය කළ බව අනාවරණය වී තිබේ.
 
මෙම සිද්ධියේදී රංගජීව විසින් රැඳෙවියන් තිදෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය බවට කොමිසම හමුවේ සාක්ෂි දුන් පිරිස ප්‍රකාශ කර ඇති අතර එය පරීක්ෂණවලදී ද තහවුරු වී තිබේ. පසුව ඔවුන් තිදෙනාගේ මළසිරුරු හමු වූ අතර ඔවුන් තිදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් ඒ අනුව සෘජුව රංගජීවට නඩු පැවරිය හැකිය. ඒ පිළිබඳව ඇසින් දුටු සාක්ෂි පවා තිබියදී රංගජීව අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් තිබෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආරක්ෂා කරනු ඇත්තේ එවැනි මිනීමරුවන්ය.
 
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයා ඉල්ලා තිබියදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා අවසර ලැබී නොමැති අතර නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් පවසා ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවකයක් තවමත් නොමැති බවයි. රංගජීව විදෙස්ගතවීම වැලැක්වීම පමණක් දැනට ප්‍රමාණවත් බවයි නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ.
 
වැලිකඩ ඝාතනයට අණදුන් පුද්ගලයන් පමණක් නොව වෙඩි තැබූ පුද්ගලයන් පවා ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන අතර එසේ වන්නේ වෙඩිතැබූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවහොත් එයට අණදුන් පුද්ගලයන්ට නීතියේ රැහැණට හසුවන බැවිනි.
 
වින්දිතයා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු ශ්‍රේෂ්ඨාධිකරණ අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින අතර ඉදිරියේදී ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම වරදක් සිදුකර අත්අඩංගුවට පත්වීමෙන් වැලකී සිටීමට මෙරට ඉහළතම අධිකරණ ආයතනය නියෝග ලබාදෙන්නේ නම් වින්දියා වෙනුවෙන් පෙනී සිටින්නේ කුමන ආයතනයද ?
 
රංගජීව සම්බන්ධයෙන් හා ඔහු ඇතුළු වැලිකඩ ඝාතනයේ සැකකරුවන් ආරක්ෂා කිරීම් සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව්වක් බලාපොරොත්තු වන්න..
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment