ඩොලරය ඉහළ ගිය නිසා වාහන මිල නහුතෙට නගී


රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරය ඇතුළු අනිකුත් විදේශීය මුදල්වල අගය ඉහළ යාම හේතුවෙන් වෙළෙඳපොළේ වාහන මිල ගණන් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදීපයට ඊයේ (21) පැවසීය.

ඇමෙරිකානු ඩොලරයට

අමතරව ජපන් යෙන්, ස්ටලින් පවුම් ආදී මුදල් ඒකකවල අගය ඉහළ යාමෙන් වාහන මිල පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු කීය.
මේ වනවිත් සුසුකි වැගන් ආර් ඇතුළු රජයේ බදු සහන ලැබු වාහනවල මිල ගණන් පෙර පැවති මිලට හෝ ඊටත් අධික ලෙස ඉහල ගොස් ඇතැයිද ඒ මහතා පැවසීය.
ඒ අනුව ස්ටිංග්‍රේ (stingray) වගයේ සුසුකි වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 33ක සිට ලක්ෂ 35ක් දක්වා මිල වැඩිවී ඇති බවත් සෙසු වාහනවල මිල ගණන්ද මෙයට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි ද ඒ මහතා කීය.
විනිමය අනුපාතය ඉහළ යාම් හේතුවෙන් ඉදිරියේදී වාහන මිල තවත් වැඩිවිය හැකි බවද
කෙසේ වෙතත් රජය විසින් බදු අඩු කළ එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන ආනයනය වැඩි වී ඇති බවද රන්ජන් පිරිස් මහතා වැඩිදුරටත් පැවසිය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment