දිගන ප්‍රදේශයේ ඇති වූ හුදෙකලා සිද්ධියක් දේශපානලඥයන්ගේ සහ උග්‍ර ජාතිවාදී සහ ආගම්වාදී කල්ලිවල මෙහෙයවීම මත ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය වූ අතර ඒ හේතුවෙන් තවමත් තක්සේරු කර නොමැති තරමේ දේපළ හානියක් සිදුව තිබේ. එමෙන්ම සිංහල සහ මුස්ලිම් ජනතාව අතර තක්සේරු කළ නොහැකි තරමේ දූරස්ථභාවයක් නිර්මාණය වී තිබේ.
පොලීසිය සහ රජය මහනුවර තත්වය සමනය කර ඇති බව ප්‍රකාශ කළද ගැටුම් ඇතිවූ අවස්ථාවේදී ඒ සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකළ අතර ගැටුම් උත්සන්නවීමට එය ප්‍රධාන හේතුවක් විය. ගැටුම් සමථයකට පත්කළ බවට රජය පාරම්බෑවද මේ වනවිට ජාතිවාදී ගැටුම් රටපුරා ව්‍යාප්තවීමේ තත්වයක් උද්ගත වී තිබේ.
ආණමඩුව නගරයේ මදීනා නැමැති මුස්ලිම් හෝටලයට ජාතිවාදීන් විසින් පහර දී ගිනිතබා ඇති අතර තහවුරු නොකර ආරංචි මාර්ග පවසන්නේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් ආණමඩුව පොලීසියට පැමිණිලි කර ඇති අතර කෙසේ වෙතත් මේ වනතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත.
0 comments :
Post a Comment