කැබිනෙට්ටුවෙදී චම්පිකගෙන් දෝස් මුරයක්.

පසුගිය අයවැයෙන් සහාධිපත්‍ය සංකීර්ණය (condominium complex) වලට 15%ක වැට් බද්දක් හා 4%ක මුද්දර ගාස්තුවක් එක් කිරීම හේතුවෙන් එම කර්මාන්තය බිඳවැටෙන්නට පටන්ගෙන ඇති බවත්, ඒවා ඉදිකිරීමට ගලා ආ විදේශීය ආයෝජන බිඳවැටෙන්නට පටන්ගෙන ඇති බවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගිය කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී දෝශාරෝපනය කර තිබේ.

මේ අනුව එම කේෂත්‍රයේ ප්‍රාග්ධන වියදම තවත් 1/5කින් ඉහල ගොස් ඇති බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

එසේම ඉකුත් වසරේ ආර්ථික වර්ධනය වූ 3.1න්, 58%ක ප්‍රමාණයක් ලැබී ඇත්තේ සේවා වලින් බවත්, සේවාවලින් ලැබුණු ප්‍රමාණයෙන් 1/3 ක් ලැබී ඇත්තේ කර්මාන්ත ආශ්‍රිත ඉදිකිරීම්වලින් බවත් පවසා ඇති අමාත්‍යවරයා එසේ තිබියදී මෙවැනි තීන්දු ගැනීම ගැටලු සහගත බවත් සඳහන් කර ඇත.

එම අංශය දියුණු කිරීම වෙනුවට ඒවාට බදු පැනවීම සහන අහිමි කිරීමෙන් රට ආපස්සට තල්ලුවෙමින් තිබෙන බවද ඔහු පවසා තිබේ.

විදේශීය ආයොකයන් අරාබියේ ආයෝජනය කරන්නේ නම් එහි පුරවැසිභාවය, සීමාවක් නොමැතිව බැංකු ගිණුම් පවත්වාගෙනයාම වැනි පහසුකම් හිමිවන බව පවසන බවත්, එසේ වැඩි ප්‍රතිලාභ තිබියදී ලංකාවේ ආයෝජනය කරන්නේ කුමකටදැයි ඔවුන් ප්‍රශ්නකරන බවද චම්පික ඇමතිවරයා එහිදී පෙන්වාදී ඇත.

මහින්දට ක්‍රෙඩිට් එකක්

මේ අතර ඒ මහතා රාජපක්ෂ ආණ්ඩුවේ කොතරම් වැරදි තිබුණද ඔවුන් විදේශීය ආයෝජකයන් රටතුළට ගෙන්වා ගැනීමට සූක්ෂම වූ බවද, එය අගයකරන බවද පවසා තිබේ.

රණවක මහතා එහිදී පෙන්වාදී ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුව ඇතැම් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඉඩම් ලබාදුන්නේ නොමිලේ බවයි. එසේම වසර 25ක් වැනි කාලයකට වැට් බදු සහනද ලබාදුන් බව ඔහු සඳහන්කර ඇත.

විශේෂයෙන් ටාටා සමාගමට කොම්පඤ්ඤවීදියෙන් අක්කර 8ක් ලබාදුන් බවත්, එහි පර්චසයක් පමණක් රුපියල් මිලියන 20ක් පමණ වන බවත්, එසේ ටාටා සමාගමට ලබාදුන් ඉඩම රුපියල් බිලියන 25ක් පමණ වන බවද ඔහු පෙන්වාදී තිබේ.

හදිස්සි නීතිය රට නන්නත්තාර කලා

නුවර ගැටුම් පාලනය කිරීමට හදිස්සි නීතිය පැනවීමෙන් රටට විශාල හානියක් වූ බවත්, තමා හමුවූ විදේශීය තානාපතිවරු 08 දෙනෙකු පමණ හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමට යන්නේදැයි විමසා සිටි බවද රණවක මහතා එහිදී හෙළිකර ඇත.

ෆේස්බුක් වැසීමෙන් විලිලැජ්ජාවක්

මේ අතර, විදේශ ආයෝජන රට තුළට ගලා ඒමට සිදුවූ තවත් විශාල බාධාවක් වන්නේ ෆේස්බුක් තහනම් කිරීම යැයිද ඉන් රටට විලිලැජ්ජාවක් වූ බවත් ඔහු එහිදී පෙන්වා දී තිබේ.

අපි මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආර්ථික උපදේශක දේශාල් ද මැල් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකථනට පිළිතුරු නොදීම නිසා එය වැලැකී ගියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment