ෆේස්බුක් ආණ්ඩු පෙරළන කට්ටිය මාව හමුවෙන්නත් ආව - රනිල්


පසුගිය ජනපතිවරණයට පෙර තමා හමුවට ‘කේම්බ්‍රිජ් ඇනලිතිකා‘ නමැති ෆේස් බුක් දත්ත සොරුන් පැමිණ ආණ්ඩු වෙනසකට සහය දෙන්න කැමැත්ත පළ කළ නමුත් තමා ඔවුන්ගේ සේවය ලබා නොගත් බව අගමැති
රනිල් පෙරේදා

පැවති නීතීඥ සංගම් උත්සවයකදී දන්වා සිටියේය.
නීතිය රටේ වහපැවැත්මට අවශ්‍ය බව කියූ ඔහු පසුගියදා මහනුවර සිද්ධිය තාක්ෂණය මගින් කලබල පතුරන තාක්ෂණයේ නරක පැත්තට කදිම උදාහරණයක් බව කියා සිටියේය. ඒ සමගම ෆේස් බුක් ගැන කථාවට මුලපිරූ අගමැතිවරයා මේ දිනවල ලෝකයේ කතාවන  ‘කේම්බ්‍රිජ් ඇනලිතිකා‘  නමැති ෆේස් බුක් දත්ත හොරුන් තමා හමුවන්නටද ආ බව දන්වා සිටියේය.
නමුත් තමා ඔවුන්ගේ සේවය ලබා ගන්නට උත්සාහ නොකළ බවද කියා සිටියේය. මෙම හෙළිදරව්ව සඳහා චැනල් 4 නාලිකාව ලංකාවේ නම භාවිත කර ප්‍රශ්න අසා තිබෙන බවත් එම උපාය ගැන සැකයක් නැති බවත් කියා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment