මහනුවර දැන් තත්ත්වය

මහනුවර දැන් තත්ත්වය

ව්‍යාපාරික ස්ථාන රැසක් වසා තිබුණු අතර මහජනයා නගරයේ ගැවසීම ද සිදුවූයේ ඉතා මන්දගාමී අයුරිනි. ඇඳිරිනීතිය ඉවත් කළ පසුව සුළු පිරිසක් නගරයට පැමිණ සිටියත් පොදු ප්‍රවාහන සේවා පවා ක්‍රියාත්මක නොවුණු තත්ත්වයක් දැකිය හැකි විය.

මහනුවර ඔරලෝසු කණුව අසල බස් නැවතුම හා ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් කිහිපයක් ගාල් කර තිබිණ. දුර ගමන් සේවා සදහා යම් බස් රථ ප්‍රමාණයක් යොදවා තිබුණු නමුත් මහනුවර හා ඒ අවට ප්‍රදේශ කරා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වුණේ ඉතා සුළු වශයෙනි.

පෙරවරු 10ට ඇදිරි නීතිය ඉවත් කොට යළි පස්වරු හයට එය බලපැවැත්වූ අතර එම කාලය තුළ දිගන, කටුගස්තොට, බලගොල්ල, අඹතැන්න වැනි පරිවාර නගරවල සාමාන්‍ය ජන ජීවිතය සුළු වශයෙන් ක්‍රියාත්මක වු අයුරු දැකිය හැකි විය. පරිවාර නගරවල වෙළද සැල් සැලකිය යුතු ප්‍රමාණයක් විවෘත වූ අතර භාණ්ඩ මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයෝ විශාල ලෙස එහි රැස්ව සිටියහ. කටුගස්තොට ඇතැම් වෙළද සැල්වලින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි පාරිභෝගිකයන්ට පැයකට ආසන්න කාලයක් වෙළද සැල්වල රැදී සිටීමට සිදුව තිබේ.

ආරක්ෂාව වෙනුවෙන් පෙර මෙන්ම පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ස්ථාන රැසක රැකවල්ලා සිටිනු දැකිය හැකිවිය. ඇදිරිනීතිය පැවැති අවස්ථාවේදී සුලු සිද්ධි කිහිපයක් වාර්තා වී තිබුණු නමුත් සමස්ථයක් වශයෙන් ඊයේ දිනයේ මහනුවර හා ඒ අවට ප්‍රදේශ සාමකාමී තත්ත්වයෙන් පැවතුණි.

නදීක දයා බණ්ඩාර - මහනුවර

mahanuvara 15

mahanuvara 14

mahanuvara11

mahanuvara 10

mahanuvara 9

mahanuvara 8

mahanuvara 5

mahanuvara 3

mahanuvara1

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment