පැරිසියේදී ලාංකිකයෙකුට කඩුවෙන් කොටලා


ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි ඉන්දීය අවන්හලක ආහාර ගනිමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුට නාඳුනන කණ්ඩායමක් විසින් කඩු ප‍්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි ප‍්‍රංශ පුවත්පත් සේවය අද (08) වාර්තා කළා.

එල්ල කළ ප‍්‍රහාරයෙන් ලාංකිකයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ඉන්දියානු හෝටලයකට ඇතුළු වූ ලාංකික සැකකරුවන් දෙදෙනකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයකින් තවත් ශ්‍රී ලාංකිකයෙකු බරපතල තුවාල ලබා

අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇතැයි පැරිස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 පසුගිය සඳුදා (05) ප.ව. 9.30ට පමණ මෙය සිදුව ඇත.ඔහුට කඩු හා මන්නා ආයුධවලින් පහර දී ඇති අතර  ඉතා දරුණු ලෙස  වැලමිට හා අතෙහි මැණික්කටුව ප්‍රදේශයට කඩු පහර දී කපා දමා ඇතැයි එරට පොලීසිය පවසයි.  35 හැවිරීදි ලාංකිකයා තම බිරිඳ සමග එහි ඉන්දියානු හෝටලයෙන් ආහාර ගනිමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.

හිස වැසෙන පරිදි ඇඳුම් ඇඳගත් පුද්ගලයන් දෙදෙනෙකු හෝටලයට ඇතුළු වී ඔහු දෙසට පැමිණ පහර දී පලා ගොස් ඇත.පැරිස් පොලීසිය පවසා ඇත්තේ පහරදීමට පැමිණි සැකකරුවන්ද ශ්‍රී ලාංකිකයන් බවට මුලීක පරීක්ෂණවලදී හෙළි වූ බවයි.
පහර කෑ ශ්‍රී ලාංකිකයා වහා රෝහල් ගතකර ඇති අතර ඔහුගේ තත්වය අසාධ්‍ය බව එරට වාර්තා සඳහන් කළේය. පැරීසියේ එම ප්‍රදේශය ආසියානුවන්. ශ්‍රී ලාංකිකයන් බහුල ප්‍රදේශයක් බව පැවැසේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment