සාපරාධී අපරාධකරුවන් ඉක්මණින් නීතිය හමුවට ගෙනෙන්න - යුරෝපා සංගමයෙන් නිවේදනයක්


ද්වේෂ සහගත සාපරාධී ක්‍රියාන්වන්හී යෙදෙන අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන ඒම අවශ්‍ය බවට යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

විවිධ ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් මෑතකදී හට ගත් පහර දීම් ඉතා කණගාටුදායක බවත් එම නිවේදනයේ දැක්වෙයි.

ආගමික හා ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිවිපාක ශ්‍රී ලාංකීකයෝ වඩාත් හොඳින් දන්නා බව ද යුරෝපා සංගමය පවසයි.

ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක අංශ

සාපරාධී අපරාධ ක්‍රියා සම්බන්ධව කටයුතු කිරීමත්, එවැනි ක්‍රියාවල නිරතවන අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමත් වැදගත් වන බව ද ඔවුන් සඳහන් කරයි.

දේශපාලන නායකයන් ද, ආගමික සහ වෙනත් ප්‍රජා නායකයන් ද ප්‍රචණ්ඩත්වය හෙළා දැකීමත්, ප්‍රජාවන් අතර අවබෝධව සහ සහජීවනය වර්ධනය කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමත් අත්‍යාවශ්‍ය වන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

හදිසි තත්ත්වය යටතේ ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක්ම සර්ව සාධාරණ සහ ව්‍යවස්ථාපිත හිමිකම් හා අයිතිවාසිකම්වලට ගරුත්වයක් සහිතව ගනු ඇති බවට තම සංගමය විශ්වාස කරන බව ද යුරෝපා සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment