මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
ජනප‍්‍රිය රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකා මෙනවිය වනිතා වාසනා ගිණුම සමග අත්වැල් බැඳගත් මෙම උත්සවයේදි කාන්තාවන් වෙනුවෙන්ම මහජන  බැංකුව හඳුන්වා දී ඇති වනිතා වාසනා ගිණුම නව මුහුණුවරකින් එළිදැක්විණි.
 
එමෙන්ම මෙහි විශේෂ ආරාධිතයින් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිනි ක්ෂනිකා හිඹුරේගම, කොළඹ 02, ආරක්ෂක විද්‍යාලයේ විදුහල්පතිනි ධම්මිකා ජයනෙත්ති, ප‍්‍රවීණ ලේබිකා අනුල ද සිල්වා, ප‍්‍රවීණ නර්තන ආචාරිනි උපුලි පණිභාරත, ප‍්‍රවිණ රංගන ශිල්පිනියන් වන රත්නා ලාලනි ජයකොඩි, නිල්මිණි කෝට්ටේගොඩ සහ ජනප‍්‍රිය රංගන ශිල්පිනි උදාරි කෞෂල්‍යා මහත්මින් සහභාගි විය.
 
මීට අමතරව මහජන බැංකුවේ මූලස්ථාන ශාඛාවේ ගනුදෙනුකරුවන් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ශ්‍යාමා තෙන්නකෝන්, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සහකාර ගණකාධිකාරිනී මධුෂා මනෝරිකා, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ  සහකාර ගණකාධිකාරිනී නයෝමි ජයලත් මහත්මින් සඳහා මෙහිදී ‘වනිතා වාසනා මනි ප්ලෑනර්’ ආයෝජන සැලසුම්පත් ප‍්‍රදානය කෙරිණි.
 
මේ සඳහා මහජන බැංකු ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් සහභාගි වූහ. මීට සමගාමීව, දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛාවන්හි ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සව සංවිධාන කර තිබිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment