රස්නෙ වැඩි නිසා ෆෑන් ඒසී භාවිතය ඉහළ ගොස් අසාමාන්‍ය විදුලි පරිභෝජනයක්


මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වාර්තාගත විදුලි ඉල්ලූමක් වාර්තාවී පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
පසුගිය 20 වනදා

පමණක් මෙගාවොට් 2500 ක විදුලි ඉල්ලූමක් වාර්තා වී ඇති අතර, එය ඉතිහාසයේ
එතරම් පරිභෝජනයක් වාර්තා කළ පළමු වතාව බව අමාත්‍යවරයා රඹුක්කන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සදහන් කර තිබේ.
පවතින උණුසුම නිසා වායුසමීකරණ සහ විදුලි පංකා වැඩි වශයෙන් භාවිත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙයි.
විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම පහළ යාමද වාර්තාවී තිබෙන නමුත් අඛණ්ඩ විදුලි සැපයුම ගැන තවම අන්තරාවක් නැති බව ඔහු දන්වා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment