වයිබර් සීමා කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් ඉවතට.

මහනුවර සිදුවූ කලබලකාරී සිදුවීම් සමග වයිබර් පණිඩුඩ හුවමාරු සේවාව වෙත මෙතෙක් තාවකාලිකව යොදා තිබූ සීමා කිරීම අද(13දා) දින මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර එම සේවාව භාවිතා කිරීමේ පහසුකම නැවත ලබා දීමට රජය තීරණය කර ඇත. 

සමාජ මාධ්‍ය තහනම සිකුරාදා ඉවතට?

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම සිකුරාදා (16දා) ඉවත් කරන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පවසා ඇත.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ඇති අතර එහිදී අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.


ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශන පළකිරීම අවහිර කරන බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කිරීමක් ආණ්ඩුව අපේක්ෂා කළ අතර ඒ සඳහා මේ වනවිටත් එකඟතාව පළකර ඇති එම සමාගමේ නිලධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා (15දා) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment