
ජාත්‍යන්තර ටයිම් සඟරාව සෑම වර්ෂයකම ලොවට වැඩිම බලපෑමක් සිදුකළ හැකි පුද්ගලයන් 100 දෙනෙකුගේ ලැයිස්තුවක් Time 100 යනුවෙන් එළිදක්වයි.
මෙවර එම ගෞරවය හිමි කර ගැනීමට 14 හැවිරිදි යුවතියක සමත් වී ඇත. ඇගේ නම මිලී බොබී බ්‍රවුන් ය. Netflix නිෂ්පාදනයක් වූ සංත්රාසය පිරුණු ජනප්‍රිය ඇමරිකානු වෙබ් ටෙලිවිෂන් විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් වන Stranger Things හි ‘ඉලවන්‘ ලෙසින් රංගනයට එක්වන ළාබාල සුන්දරිය ඇයයි. එම කතා මාලාව ලබාගත් ජනප්‍රියත්වය නිසාම මේ වන විට ඇයට හොලිවුඩයේ ද දොරගුළු විවර වී ඇත. ඇය මේ වන විට ජීවත් වන්නේ ද ඇමරිකාවේ ලොසැන්ජලීස් නුවර ය.
ඇගේ රංගන ක්ෂේත්‍රෙය් මිතුරු මිතුරියන් ඇයව හඳුන්වා දෙන්නේ ‘දෙව්දුවකගේ මුහුණකින් යුත් බුද්ධිමත් කාන්තාවක්‘ යනුවෙනි.
ට්විටර් අනුගාමිකයන් මිලියන 2.2 ක් ද ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයන් මිලියන 16 ක් ද ඇයට සිටියි.
ෂර්ලොක් හෝම්ස්ගේ ‘පොඩි නංගි‘
ඉදිරියේදී නැන්සි ස්ප්රින්ගර් ගේ එනෝලා හෝම්ස් මිස්ට්රීස් කතා මාලාව ඇසුරෙන් හොලිවුඩ් චිත්‍රපටයක නිෂ්පාදන කාර්යයට ද ඇය මේ වන විට අතගසා තිබේ. ඒ අනුව ඇය අනාගතයේදී තවත් වාර්තාවක් තබන්නට නියමිතව සිටින්නේ හොලිවුඩයේ ළාබාලතම චිත්‍රපට නිෂ්පාදකවරිය ලෙසිනි. එනෝලා හෝම්ස් මිස්ට්රීස් කතාමාලාවේ මිලී බොබී බ්‍රවුන් රංගනයෙන් එක් වන්නේ සුප්‍රසිද්ධ රහස් පරීක්ෂකයා ෂර්ලොක් හෝම්ස්ගේ බාල නැගණිය ලෙස ය.
ටයිම් 100 ලැයිස්තුවේ සෙසු අය - කෙටියෙන්
මෙවර ටයිම් 100 ලැයිස්තුවේ තවත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ රාශියක්ම වෙති. ඒ අතර හැරී කුමරු, ඔහුගේ අනාගත මනාලිය මෙගන් මර්කෙල් මෙන්ම ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් ද වෙති.
එසේම ස්කොටිෂ් කොන්සවේටිව් (ටෝරි) පක්ෂයේ නායිකා රූත් ඩේවිඩ්සන් ද මෙවර ලැයිස්තුවේ සිටියි. ස්කොට්ලන්ත දේශපාලනයේ ප්‍රබල චරිතයක් වන රූත් ඩේවිඩ්සන්, සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සහ ඒ වෙනුවෙන් වැඩ කරන චරිතයකි. ඇය මේ වන විට සිය සහකාරිය සමග විවාහ වීමේ අපේක්ෂාවෙන් පසුවන්නීය.
සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර්, රිහානා, කේෂා, නිකොලි කිඩ්මන්, ජෙනිෆර් ලෝපේස්, ඕප්රා වින්ෆ්‍රේ, චිත්‍රපට අධ්යක්ෂ ගුලියාමේ දෙල් තෝරෝ ද මෙම ලැයිස්තුවේ වෙති.
රාජ්‍ය නායකයෝ
ඇමරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද මෙම ලැයිස්තුවේ වෙති. එසේම කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ, චීන ජනපති ෂී ජින් පින්, අයර්ලන්ත නායක ලියෝ වරද්කාර්, සිම්බාබ්වේ ජනපති එමර්සන් නාන්ගාවා, ජපන් අගමැති ෂින්සො අබේ මෙම ලැයිස්තුවේ වෙති.
ට්‍රම්ප් ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට රුසියානු බලපෑමක් තිබිණිදැයි විමර්ශනය කරන මුලර් කමිටුවේ ප්‍රධානියා වන විශේෂ කවුන්සලර් රොබට් මුලර් ද මේ වසරේ ලෝකයට වැඩිම බලපෑමක් සිදුකළ හැකි සිය දෙනා අතරට පැමිණ තිබේ.
- අමාලි ජයවීර | outboundtoday.com
0 comments :
Post a Comment