
මරික්කර් මහතා මෙම අදහස් පළකළේ කොලොන්නාව එජාප සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයෙන් ආණ්ඩු පෙරළියක් සිදු කිරීමට බලාපොරොත්තු වූ පොහෙට්ටුකාරයන් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයෙක් ගෙනැවිත් ආණ්ඩුව පෙරළීමට උත්සාහ කළ බවත් එහෙත් ඔවුන්ට ඉල්ලාගෙන කෑම සිදු වූ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුව කිසිසේත් නියමිත කාලයට පෙර බිඳ නොවැටෙන බවත් පෙරේතයෙන් කුම්භාණ්ඩයන් ඉවත්වීමෙන් ආණ්ඩුව තවත් ශක්තිමත් වී ඇති බවත් මරික්කාර් මහතා පෙන්වා දෙයි.
ජනවාරි 08 ජයග්‍රහණයෙන් බහුතර ජනතාව බලාපොරොත්තු වූ රට ගොඩනැගීමට දැන් අවස්ථාව ලැබී ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ එසේ නොමැතිවුවහොත් රජය තවදුරටත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වනු ඇති බවයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒ පිළිබඳ සංඥාවක් ජනතාව විසින් ලබා දී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment