
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) ක්‍රීඩා අමාත්‍යාංශයේදී නව අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ පදක්කම් 6 ක් ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩීකාවන් ඇගයීමේ හමුවේදීය.
“මා මේ දරන්නේ තාවකාලික ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ බැලීමේ ධූරය බවත් රාජකාරී භාර ගැනීමේ උත්සවයක් නොපවත්වා පදක්කම් ලබා ගත් ක්‍රීඩකයින් ඇගයීමක් පැවැත්විය යුතු බව මා තීරණය කලා.
රජයක් හැටියට රටට කීර්තියක් ගෙන ආ මේ උදවිය පිළිගැනීම හා ඇගයීම අපේ යුතුකමයි. අවුරුදු 30 ක් ත්‍රස්තවාදයෙන් බැට කෑ අප වැනි ජාතියක් සහෝදරත්වයෙන් බැඳ තබා ගැනීමට ක්‍රීඩාව මහත් සේ උපකාරී වනවා. අපට භාෂා ප්‍රශ්න තියෙනවා සංස්කෘතික ප්‍රශ්න තියෙනවා නමුත් අපි ක්‍රීඩාවේ යෙදෙන විට ඒ සියල්ල මඟහැර ගැනීමට හැකි වෙනවා.
නමුත් අපි දන්නවා විවිධ වු ක්‍රීඩා සංගම් අතර යම් යම් ප්‍රශ්න තියෙනවා අපිට හැකියාව තිබිය යුතුයි එම ප්‍රශ්න මඟ හැරගෙන ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරිමට. එයින් අපට හැකි වෙනවා තව තවත් ක්‍රීඩා ජයග්‍රහණ වලට යාමට. අපි දන්නවා මීට ප්‍රථම අවුරුදු වලදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වල එකදු පදක්කමක් වත් දීනා ගැනීමට නොහැකි වු අවස්ථා. නමුත් මෑත කාලයේ මේ අමාත්‍යාංශයට ගරු හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ නායකත්වයෙන් අද වන විට ජයග්‍රහණ රැසක් හිමිව තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා එතුමා මෙම අමාත්‍යාංශයට දුන් නායකත්වය තවත් කාර්යක්ෂම ලෙස ඉදිරියට ගෙන යාමට අපට හැකියාව තිබෙන බව.
මේ අමාත්‍යාංශය රටේ වැදගත්ම අමාත්‍යාංශයක් හැටියට අපි දකිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වනවා තව තවත් ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ මෙම අමාත්‍යාංශය තුළින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට.
අද ක්‍රීඩාව රැකියාවක් බවට පත්වීම නිසා යම් යම් ගැටළු සහගත තත්වයන්ද ඇති වී තියෙනවා. අපි දන්නවා අපේ ක්‍රිකට් කණ්ඩායමට මැච් 1 ක් පැරදුනු විට ක්‍රිකට් බලධාරින්ගේ, පුහුණුකරුවන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේත් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වන බව.
සමහර මාධ්‍ය වාර්තා කර තිබුණා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ පදක්කම් ලාභීන්ට නිසි සැලකිල්ලක් මෙම අමාත්‍යාංශයෙන් නොලැබෙනු ඇතැයි කියා. නමුත් මා පොරොන්දු වෙනවා අමාත්‍යාංශයක් හා රජයක් හැටියට ඔබට නිසි වටිනාකම ලබා දෙන බවත් ඉදිරියේදී ආසියාතකි හා ඔලිමිපික් පදක්කම් ලබා ගැනීමට අවශ්‍ය සියලූම ශක්තිය ලබා දීමට කටයුතු කරන බවත් මා මෙහීදී වගකීමෙන් යුතුව පොරොන්දු වෙනවා.”
හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.
එහිදී සභාව ඇමතු හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා කියා සිටියේ එතුමා ගත් හදිසි තීරණයත් සමඟ මෙම අමාත්‍යාංශයෙන් සමු ගැනීමට අවස්ථාවක් නොතිබුණත් මෙම ක්‍රීඩකයින් ඇගයීමේ උත්සවයට ගරු අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමාගේ ආරාධනය තුළින් මෙම උත්සවය සමුගැනීමේ අවස්ථාවක් බවට පත් කර ගැනීමට හැකි වු බවයි.
එහීදී වැඩිදුරටත් කතා කල හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කලේ අවුරුදු 80 කට පසුව වැඩිම පදක්කම් සංඛ්‍යාවත් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකදී ලබා ගැනීමට හැකි වීම ගැන තමන් සතුටු වන බවයි.
“ මා මෙය අවස්ථාවක් කර ගන්නවා රට වෙනුවෙන් ඔබ ගත් මෙම ජයග්‍රහණයට විශේෂයෙන් ක්‍රීඩා සංගම්, පුහුණුකරුවන්ට හා ක්‍රීඩකයින්ට මෙන්ම අමාත්‍යාංශ නිලධාරින්ට හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ස්තූතිය පුද කරන්න."
පසුගිය අවුරුදු 3 ක කාලය තුළ මේ ආකාරයට ක්‍රීඩාව සංවර්ධනය කිරිමට තීන්දු තීරණ රාශියක් ගෙන ඇති අතර තාක්ෂණික පැත්තෙන් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට විශාල වශයෙන් කටයුතු බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ. එය වඩාත් විධිමත් අයුරින් සිදු කිරිම නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්යභාර්ය වන බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
0 comments :
Post a Comment