ඇමෝනියා ටැංකියට වැටී සේවකයින් 5 ක් මරුට - හොරණ කම්හලේ හිමිකරු පැන ගිහින්


ඇමෝනියා ටැංකියට වැටී 
සේවකයින් 5 ක් මරුට
හොරණ කම්හලේ හිමිකරු පැන ගිහින්

හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සපත්තු කර්මාන්ත ශාලාවක අනාරක්ෂිත තත්වයේ පිහිටි ඇමෝනියා විස දියර ටැංකියක් තුළට එහි සේවකයින් වැටීම නිසා 5 දෙනෙකු මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් අද දහවල් වාර්තා විය.
 ටැංකියකට වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගිය අතර තවත් 15 දෙනෙකු පමණ
රෝහල් ගත කරන්නට සිදුව තිබේ.

මුලින්ම රසායන ද්‍රව්‍ය ටැංකියකට එක් සේවකයෙකු වැටුණ බවත් ඔහු බේරාගන්නට ගොස් තවත් 4 දෙනෙකු අනතුරට ලක් වූ බවත් පරීක්ෂණවලදී හෙළිව ඇත.
පසුව ඔවුන් බේරාගැනීමට පැමිණි පුද්ගලයින්ට ද විෂ වායු අඝ්‍රාණයවී 15 දෙනෙකු පමණ රෝහල් ගත කරන්නට සිදුව ඇත. ඒ අය අතරින්  එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව කියැවේ.
සිද්ධිය හේතුවෙන් ඇති වූ ශ්වසන ආබාධවලට ප්‍රතිකාර ගැනීමට මේවන විට 34 දෙනෙකු රෝහල වෙත පැමිණ තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා හොරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම අරඹා ඇත. කම්හලෙහි හිමිකරු  ප්‍රදෙශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන අරඹා ඇතැයි  පොලීසිය සඳහන් කරයි.



Pix Courtesy by -lankadeepa.lk
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment