විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වී දින 34ක්.
විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වී දින 34ක් එළැඹෙන අද (02දා) උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ ප්‍රථම නිල සාකච්ඡාවකට කැඳවා ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවැසීය.
අමාත්‍යවරයා විදේශගත වීමට පෙර දින රාත්‍රියේ නිල නොවන සාකච්ඡාවක් පැවැතියත් දින 34ක් ගත වී ඇති වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට හේතු වූ තම ඉල්ලීම්වලට රජයේ පාර්ශ්වයෙන් කිසිදු සාධනීය විසඳුමක් මෙතෙක් ලැබී නොමැති බවත් මල්වත්තගේ මහතා පැවැසීය.
වගකිව යුතු පාර්ශ්වයන් රටේ අධ්‍යාපනය කඩා වැටීමට ඉඩ දී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව කී ඒ මහතා මෙහි ප්‍රතිවිපාක ක්ෂණිකව නොපැමිණෙන බවත් ඒ සඳහා කාලයක් ගත වන බවත් කීය.
විශ්වවිද්‍යාල දරුවන්ට සහ රටේ ආර්ථිකයට දායක වන වෘත්තිකයන්ගේ සේවය මේ හේතුවෙන් මන්දගාමීව මුදාහැරීමට සිදුවන බව කී ඒ මහතා සමස්තයක් ලෙස ගත් කල අධ්‍යාපනයේ පරිහානියක් මින් සිදුවන බවත් වගකිව යුතු පිරිස් නිහඬව සිටීම පිළිබඳව කනගාටුවට පත්වන බවත් කීය.
කෙසේ වෙතත් අද දින උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විශ්වවිද්‍යාල සේවක හඬට කන්දී සිය ඉල්ලීම් කෙරෙහි සාධනීය ප්‍රතිචාර දක්වනු ඇති බවට විශ්වාස කරන බවත් එසේ නොවුණහොත් සිය වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකිරීමට සිදුවන බවත් කීවේය.
0 comments :
Post a Comment