යාපනය පාළු ළිදක අත් බෝම්බ 40ක්

යාපනය, තෙලිප්පලෙයි, පලෙයිවීමකාමන් ප්‍රදේශයේ පිහිටි පාළු ළිඳක තිබී අබෝම්බ 40ක් ඊයේ (10දා) සවස සොයාගත් බව තෙලිප්පලෙයි පොලීසිය පවසයි.

පලයිවීමන්කාමන් ප්‍රදේශයේ ජේ. 232 ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ ළිඳක් පිරිසුදු කිරීමට ගිය පුද්ගලයෙකුට පළමුව මෙම අත්බෝම්බ කිහිපයක් හමුවී
ඇති අතර, පසුව මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබිණි. . අනතුරුව තෙලිප්පලෙයි පොලීසිය ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත රාජ්‍ය නොවන සංවිධානයකට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් විසින් ළිදෙහි සිදු කරන ලද සෝදිසි කිරීම්වලින් පුද්ගල නාශක අත්බෝම්බ 40ක් සොයාගෙන ඇත.

එම අත්බෝමිබ බොහෝ පැරණි ඒවා වන අතර, යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙම ළිදට දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි. මෙම අත්බෝමිබ තොගය විනාශ කිරීමට අදාළ බිම් බෝමිබ ඉවත් කිරීමේ සංවිධානය විසින් රැගෙන ගිය බව තෙලිප්පලයි පොලීසිය පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment