නව කැබිනට් අමාත්‍යවරුන් 4 ක් : පත්වීම් තාවකාලිකයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් ඊයේ (11) දිනයේදී සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ එම කැබිනට් අමාත්‍ය ධූර සඳහා තාවකාලිකව නව අමාත්‍යවරු පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා පත්කර තිබේ.

අපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා පත්කර ඇති අතර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ෆයිසර් මුස්තාෆා මහතා පත්කර තිබේ

මේ අතර සමාජ සවිබල ගැන්වීම්  සුබසාධන කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය සහ කම්කරු හා කම්කරු සබඳතා පිළිබඳ අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා පත්කර තිබේ.

මෙලෙස පත්කර ඇති නව අමාත්‍යවරුන්ට දැනට දරණ අමාත්‍යධූරවලට අමතරව තාවකාලිකව මෙම අමාත්‍යධූර හිමිවන අතර පූර්ණ කැබිනට් සංශෝධනයක් සිංහල හින්දු අලුත් අවුරුද්දට පසු සිදු කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment