නිදහස් සේවක සංගමය ශ්‍රීලනිපයෙන් ගැලවෙයි.

          
ජනතා විරෝධී සහ කම්කරු පන්ති විරෝධී ක්‍රියාවන්හි යෙදෙන රජයක් සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ තවදුරටත් බැඳී නොසිට ස්වාධීන කම්කරු පන්ති සංවිධානයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය තීරණය කළ බව එහි ප‍්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වෘත්තීය සමිතියක් ලෙස තම සංවිධානය වැඩපොළ තුළ සංවිධානය වී සිටින්නේ පක්‍ෂ දේශපාලනය පදනම් කරගෙන නොවන බවත්, එබැවින් ඉදිරියේ දී ස්වාධීනව කටයුතු කිරීමට සංගමයේ නියෝජිත මහා සභාවේ දී ඒකමතිකව තීරණය කළ බවත් ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස පක්‍ෂයට දිගින් දිගටම දැනුම් දුන්නත් තවදුරටත් ආණ්ඩුවේම රැඳී සිටිමින් පක්‍ෂය ස්වභාවික මරණයකට පත්කිරීමට පක්‍ෂයේ පිරිසක් කටයුතු කරමින් සිටින බවද ඔහු සිය නිවේදනයේ සඳහන් කර  තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment