අනධ්‍යයන සේවක වර්ජනය අවසන්


මාස එක හමාරකටත් අධික කාලයක් පැවැති විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අද අවසන් කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම සභාපති ගයාන් පීරිස් මහතා පැවසීය.

මූලික වැටුපෙන් 35% ලෙස දැනට ලබා දෙන මාසික හිලව් දීමනාව තවත් 10%කින් වැඩි කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛය ලැබී ඇති හෙයින් වැඩවර්ජනය නැවැත්වීමට තීරණය කළ බව පීරිස් මහතා කීවේය.

ලබන 17 වැනි දා සිට යළි සේවය වාර්තා කරන බව ද ඔහු සඳහන් කළේය.

17 වැනි දා වට විට සේවය වාර්තා නොකරන අනධ්‍යයන සේවකයන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මීට දිනකට පෙර වෘත්තීය සමිතිවලට ලිඛිතව දැනුම් දී තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment