වාහන 6 ක් ගැටී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදයක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න 48 වන කිලෝමීටර් කණුව අසළ රථවාහන 06 ක් එකිනෙක ගැටී

අනතුරක් සිදුව තිබේ.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදයක් හටගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මේ දිනවල අලුත් අවුරුදු සමය නිසා ගම්බිම් බලා යන ජනතාව සහ නැවත කොළඹට පැමිණෙන ජනතාව වැඩි වශයෙන් අධිවේගී මාර්ගය භාවිතා කරන අතර පවතින අයහපත් කාලගුණය නිසා මෙම අනතුරු සිදුවන්නට හේතුවී ඇත.
අනතුර හේතුවෙන් ගාල්ල දෙසට වන එක් මංතීරුවක අවහිරයක් පැවති අතර, එය මේ වනවිට යථා තත්ත්වයට
පත්කර ඇත. මෝටර් රථ 03 ක්, ජීප් රථ දෙකක් සහ කැබ් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment