යාපනය පේදුරුතුඩුව උණුසුම් තත්ත්වයක් - මවට පහරදී දියණිය ඝාතනය කරලා

යාපනය පේදුරුතුඩුව උණුසුම් තත්ත්වයක් - මවට පහරදී දියණිය ඝාතනය කරලා

පේදුරුතුඩුව පොලීසිය පැවසුවේ මළ සිරුරත් තුවාලකාරියගේ සිරුරත් සම්පූර්ණයෙන්ම ලෙයින් නැහැවී තිබුණු බැවින් මේ සිද්ධිය මිනීමැරුමක් බවට සැකකරන බවයි.

මව හා දියණිය පමණක් මේ නිවසේ තනිවම ජීවත් වන අතර මවට තදබල ලෙස පහර දී දියණිය ඝාතනය කොට දමන්නට ඇති බවට පොලීසිය සැකකරයි. මියගිය දියණිය 58 හැවිරිදි නල්ලතම්බි දේවකී වන අතර බරපතල තුවාල ලබා ඇත්තේ ඇයගේ මව වන 78 හැවිරිදි නල්ලතම්බි සෙල්ලම්මා නැමති වයෝවෘධ කාන්තාවයි.

කෙසේ වෙතත් මේ වන විට තුවාලකාරිය පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම සිද්ධිය සැලවීමත් සමඟම ප්‍රදේශයේ ජනතාව එම ස්ථානයට පැමිණ කුපිත ලෙස හැසිරීම නිසා පොලීසියට ඔවුන්ව පාලනය කර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුව තිබුණි.

මෙම මරණයට හා තුවාල ලැබීමට හේතුව මෙතෙක් නිශ්චිතවම හෙළි වී නොමැති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

crime 1

crime 1

crime 1

 රොමේෂ් මධුෂංඛ - වන්නි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment