මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පසුගියදා යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ වැඩ භාර ගැනීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
රට අවුරුදු 3ක් ආපස්සට ගියා
"අවුරුදු එකහමාරක් දෙකක් මහින්ද මහත්තට බයේ ප‍්‍රාදේශීය සභා ඡන්දෙ කල් දාන්න යහපාලන ආණ්ඩුව පුළුවන් හැම උප්පරවැට්ටියක්ම දැම්මා. නමුත් අපි මහ පාරේ සටන් කරල, උසාවි ගිහිල්ලා පළාත් පාලන ඡන්දය දිනා ගත්තා. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ආණ්ඩු බලය කරපු ප‍්‍රධාන පක්ෂ දෙකම පරද්දලා මහින්ද මහත්තයා නායකත්වය දීපු අපේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල වගේම මුළු ලංකාවෙම විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගත්තා. පහුගිය අවුරුදු තුනේම රාජ්‍ය සේවකයන්ගේ කොදු නාරටිය මේ ආණ්ඩුව කැඩුවා. රාජ්‍ය සේවකයෝ හැමදාම උසාවි ගානේ ගෙන්නන්න පටන් ගත්තා. පළාත් පාලන ආයතනවල පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටුනා. ඒකත් මේ ජයග්‍රහණයට බලපෑවා.
පහුගිය අවුරුදු තුනේම රජයේ නිලධාරීන් රට ගැන හිතලා තීරණයක් ගන්න බය වුණා. රට අවුරුදු තුනක් ආපස්සට ගියා. රටේ සංවර්ධනය ඇණ හිටුනා. ගමේ පාරේ කුණු ටික ගොඩගැහුණා. ගමේ පාර හදන එක නැවතුණා. මේ ආණ්ඩුවේ මේ වැරදිවලට පහුගිය ඡන්දයෙදි ජනතාව හොඳ උත්තරයක් ලබා දුන්නා. ඒත් මේ ආණ්ඩුව ඒ වැරදි හදාගන්න පාටක් නෑ. ඉදිරි අවුරුදු එකහමාරේදී මේ සභා වට්ටන්න ආණ්ඩුව මොන කුමන්ත‍්‍රණ කළත් අපි කොහොම හරි මේ අවුරුදු එකහමාර සභාව පවත්ව ගෙන ගිහිල්ලා රට බේර ගත්තු නායකයාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුවත් හදනවා."
ගාල්ලේ අපට ජයග්‍රණය කරන්න බැරි වුණේ ගාල්ල මහනගර සභාව පමණයි. ඒත් අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ගාල්ල මහනගර සභාව ජයග්‍රහණය කළ එම අවස්ථාවට සහභාගී වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පැවසීය.
එහිදී අදහස් දැක් වූ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා,
අපෙන් වුණ වැරදි නිවැරදි කරනවා
"තව අවුරුදු එකහමාරකින් මේ රට බේරගත්තු නායකයා රටේ ජනාධිපති කරලා තමයි අපි මේ සටන නවත්තන්නේ. පහුගිය කාලේ අපේ ආණ්ඩුවෙන් වෙච්ච වැරදි සියල්ල හරිගස්ස ගන්නවා. මේ වනකොටත් ප‍්‍රදේශීය සභාවල බලය අපේ අතේ තමයි තියෙන්නේ. ඒක නිසා රටේ බලය අල්ලන එක අපිට මහ ලොකු දෙයක් නෙවෙයි. මේ වන කොට මුළු රටම ආපස්සට යන්නේ. රටේ සංවර්ධනය නැවතිලා."
දමිත් සඳනුවන් කීර්ති - යක්කලමුල්ල
0 comments :
Post a Comment